Kaaki Sattai (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න වැඩි දවසක් යන්නත් කලින්ම ඔයාලට තවත් දමිල චිත්‍රපටියක් අරගෙන ආවා. 2015 වර්ශයේ තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටිය ඉල්ලලා තිබුන නිසයි අපි මේක දෙන්න කියලා තීරණය කලේ. ඔන්න ඒ අයට අද මේක බලන්න පුළුවන්.

චිත්‍රපටිය ගැන කිවුවොත් මේකෙ නම තමයි Kaaki Sattai(පොලිස් ඇදුම) නමේම තියෙනවානේ මේක පොලීසිය ගැන තියෙන චිත්‍රපටියක් කියලා. මේ චිත්‍රපටිය වෙනුවෙන් IMDB Rating 6.1 ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂනය කරන්නේ R. S. Durai Senthilkumar විසින්. නිෂ්පාදනයට අපි දන්න කියන Dhanush එහෙමත් සහභාගී වෙනවා. ප්‍රධාන චරිතයට පන පොවන්නේ අලුත් නලුවෙක් ඒ තමයි Pattukkottai Prabakar, Sarathi යන දෙදෙනායි. නිලියනම් ටිකක් පරන කෙනෙක් උනත් නලුවා නම් රංගන ෂේත්‍රයට ලගදී ආපු කෙනෙක්. 2015 පෙබරවාරි 27 වන දින මෙය ප්‍රථම තිරගත වීම ආරම්භ කරනවා. විනාඩි 157ක කාලයක් පුරාවට දිව යන මෙම චිත්‍රපටිය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් මිලියන 500ක් හොයලා තියෙනවා. ඒ තිරගත වෙලා දින 25ක් ඇතුලත. දැක්කනේ මේක සුපිරි ෆිල්ම් එකක්.

ඔන්න එහෙනම් වැඩිය කියවන්නේ නැතිව කතාව ගැන ටිකක් කියන්නම්. කතාව ගෙතෙන්නේ අවංක, පොලිස් රැකියාවට ගොඩක් ආදරය කරන තරුන පොලිස් නිළදාරියෙක් වටේට. පටන් ගද්දිම මෙයා ගැන පෙන්වලා තමයි පටන් ගන්නේ. හැබැයි පෙන්වන තරම් දෙයක් නෑ. හරියට ගොරවන තරම් වහින්නේ නෑ වගේ. කොහොම හරි මේ පොලිස් නිලධාරියාට ලොකු කේස් එකක් කරන්න හම්බවෙන්නෙම නෑ. ලොකු කේස් එකක් ආවොත් එයාගෙ සර් ඒක අරන් කරනවා. අනික වැරදි කාරයන් හොර රහසේම අතඅරිනවා. පගා ගන්නවා. මේ දේවල් නිසා එයා සර් පිළිබඳ එච්චර හොද හිතකින් නෙමෙයි ඉන්නේ. දවසක් මෙයාට ලොකු කේස් එකක් අහුවෙනවා. ඒක නිසා මෙයාගෙ මුළු ජීවිතයම අනිත් පැත්ත හැරෙනවා. ඒ තමයි මෙයාගෙ පොලීසිය ගාව කඩේක වැඩ කරන ලමයෙක් අනතුරුක් වෙලා රෝහල් ගත කරාම එයාව හොර රහසේම කෝමා කරලා. එයාගෙ අවයව විකුනලා කියලා දැනගන්න එක. එතනින් පස්සේ තමයි හැම කරදරයක්ම එන්න පටන් ගන්නේ. ඒවගේම මෙයාගෙ ආදරය සම්බන්දයකුත් තියෙනවා. ඒකත් හෙමීට යනවා .එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙල්ලගෙ අම්මා පොලිස් කාරයෙක්ට දුවව දෙන්න කොහෙත්ම කැමති නැති එක. මේ ටික ඇති ඉතුරු ටික අරගෙන බලන්න. මොනවද මෙයා මේ දේවල් නවත්වන්න කරන්නේ? නැන්දම්මා පොලිස් කාරයෙක්ට දුවව දෙන්න කැමති වෙයිද? නැද්ද? සේරම දේවල්.

එහෙනම් මම අදට යනවා. තවත් එකක් ඉක්මනටම දෙන්නම් ඔයාලට. ඒ පොරොන්දුවත් එක්ක මම සමුගන්නවා හැමෝටම සුබ දවසක්.අදහසකුත් දාගෙනම යන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.