Taken 3 (2015) සිංහල උපසිරැසි සමඟ.





පලමු චිත්‍රපටයේ ආදායම - $226,830,568
දෙවන චිත්‍රපටයේ ආදායම - $376,141,306
තෙවන චිත්‍රපටයේ ආදායම - $325.514,154

විශේෂත්වය තමයි ඩොලර් මිලියන 602+ මුදලක් සෙවීමට ගිහින් තියෙන්නේ ඩොලර් මිලියන 70ක් වීම. IMDB චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් හි මේ වන 5 වෙනි තැන පසුවන Taken 3 චිත්‍රපටය තිරගත වි දින හතක් ඇතුලත ලැබු ආදයම $174.2 million වෙනවා.

ජනවාරි 9 වැනිදා තිරගත තිරගත කිරීම ඇරඹූ මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට වර්ගීකරණයට යටතට වැ‍ටුණු Taken 3 චිත්‍රපටය Olivier Megaton විසින් සිදුකර තිබෙන අතර රචනය Luc Besson හා Robert Mark Kamen අතින් සිදුකර තිබෙනවා.Taken චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් දිගහැරුම මෙය වන අතර සුපුරුදු පරිද්දෙන්ම Liam Neeson, Maggie Grace හා Famke Janssen යන අය රංගනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා.මෙවර කතාවට ඔස්කා සම්මානලාභි Forest Whitaker එකතු වෙලා තිබීම විශේෂත්වයක්.

මුල් චිත්‍රපට දෙක නොබලා ටේකන් 3 වෙනි චිත්‍රපටය බලන්න හැකියාවක් තියෙනවා,මොකද මුල් චිත්‍රපට දෙකට මේකෙ වැඩි සම්බන්දතාවයක් නම් නෑ.උපරිම රසාස්වාදයක් පිණිස කැමති අයට මුල් චිත්‍රපට දෙක බලලා අවසන් චිත්‍රපටය බලන්න වුනත් පුලුවන්. Taken Movie 1/2

පසුගිය චිත්‍රපට ද්විත්වයේ සංක්ෂිප්තය

පලමු චිත්‍රපටය - බ්‍රයන් මිල්ස් කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලදාරියෙක්.ඔහුගේ දුවව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සදහා පැහැරගත් අතර ඔහු තම දියණියව සොයා තනිව මෙහෙයුමක් අරඹනවා.ඔහුට තම දියණියව සොයාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වන අතර ඔහු කෙසේ හෝ අවසනායේ සිය දියණියව සොයාගන්නවා.තම දියණියව පැහැරගත් සියළු දෙනාවම ඔහු අතින් මරණයට පත්වෙනවා.

දෙවන චිත්‍රපටය - බ්‍රයන් මිල්ස් ‍රැකියාව සදහා ඉස්තාන්බුල් වෙත යනවා.එහිදී ඔහු තම බිරිදවයි,ඔහුගේ දියණියවයි එහෙට ගෙන්න ගන්නවා.ඔබට මතකද දන්නේ නෑ,බ්‍රයන් අතින් කරන්ට් වද්දා මිය ගිය මාර්කෝව,ඔහු තමයි කිම්ව පැහැරගත්ත කෙනා.ඇල්බේනියාවේ ට්‍රොපෝජාවල බ්‍රයන් අතින් මියගිය අයව මිහිදන් කරන අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා.කරන්ට් වද්දා මැරුව මාර්කෝගේ පියා වන මුරාඩ් ඔහුගේ මිනිස්සු හට එක පොරොන්දුවක් වෙනවා.එය තමයි අපේ මිනිස්සුන්ව,අපේ පුත්තුන්ව,අපේ සහෝදරයන්ව,අපි ආදරය කරපු අයව මැරුව මිනිහගෙන් පලිගන්නවා බව.මොවුන් බ්‍රයන්ගෙන් පලිගැනීම සදහා ඉස්තාන්බුල් වෙත මොහු සොයා පැමිණෙනවා.මුරාඩ් මරණවල පලිය ගැනීමට බ්‍රයන්ව පැහැරගැනීමකට ලක්වෙනවා.තම දියණියගෙ උදව් ඇතුව දිවි බේරගන්නා බ්‍රයන් තම බිරිදවත් බේරගෙන මුළු ජාවරම්කරුවන් සියළු දෙනාවම මරා දමනවා.

මෙවර චිත්‍රපටයේ කතාව තමයි යම් පිරිසක් විසින් බ්‍රයන් මිල්ස්ගෙ හිටපු බිරිඳව ඔහුගේ අපාර්ට්මන්ට් එකේදී කෲර ලෙස මරා දමනවා.මේ මිනිමැරුමට අහු වුනේ බ්‍රයන්ව.මෙම මිනිමැරුම හේතුවෙන් පොලීසිය, CIA එක හා FBI එක බ්‍රයන් පස්සෙ පන්නනවා.බ්‍රයන් ගේ එකම අභිප්‍රාය තමයි ඔහුගේ හිටපු බිරිඳගේ නියම මිනිමරුවව සොයාගන්න එක.මිනිමරුවව සොයාගන්න යන බ්‍රයන්ට දරුණු මිනිමරුවන් හටත් මුහුණ දීමට සිදුවෙනවා.බ්‍රයන් හට ඉතුරුවෙලා එන්න පවුලේ එකම සාමාජිකයා වන ඔහුගේ දුවගෙ ජීවිතය ආරක්ෂා කරගන්නත් තම නාමය නිර්දොෂි කරගන්නත්,තම පසුපස හඹා එන පොලීසියෙන් හා දරුණු
සතුරන්ට මුහුණ දීමටත් හැකිවේවිද යන්න දැනගන්න අතිශය ක්‍රියාදාම සටන් ජවනිකා වලින් හැඩවුනු ටේකන් 3 චිත්‍රපටය පිලිතුරු සපයාවි..

අන්තිමේදී මට කියන්න තියෙන්නේ
IT ENDS HERE


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.