Tracers (2015) සිංහල උපසිරැසි සමඟ.



මම අදත් ඔයාලට අරන් ආවේ මේ වසරේ නිකුත් වුන තවත් එක හොඳ චිත්‍රපටයක්. මෙක නිකුත් වෙලා තියෙන්නෙ. ගිය මාසයේ මෙ චිත්‍රපටය පර්කොර් කියන විනොදය සඳහා කරන යම් ක්‍රීඩාවක් වගේ දෙයක් මත පදනම් වෙලා තියෙන්නෙ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ඩැනියල් බෙන්මයාර් විසින්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවට පණ පොවන්නෙ Twilight චිත්‍රපට මලාවෙන් ගොඩක් ජනප්‍රය වෙච්ච Taylor Lautner එවගේම Marie Avgeropo, Adam Rayner යන නළු නිළියන් මෙකට රංගනයෙන් දායක වෙනවා, මේක මේ වෙනකොට IMDb සටහනේ 5.4ක් වගේ අගයක් අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මෙකේ ප්‍රධාන චරිතය කැම් කියන්නෙ බයිසිකලෙන් එක එක බඩු ප්‍රවාහනය කරන කෙනෙක්. මෙයා මෙයාගේ අම්මා ලෙඩ වෙලා හිටපු කාලේ ගත්ත ණයක් නිසා ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. මෙයා ඒ ණය ගෙවා ගන්න විදියක් හොයමින් ඉන්න වෙලාවක මෙයාට නිකි කියණ තරුණිය අණතුරකින් හමු වෙනවා. ඇය පර්කොර් කණ්ඩායමක සමාජිකාවක් එත් ඇයගේ කණ්ඩායමේ අය විනොදය වෙනුවෙන් නෙමේ මෙවා කරන්නෙ මෙයාලත් වෙනමම විදියක බඩු ප්‍රවාහනය වගේ ගොඩක් දේවල් කරන කල්ලියක් කිව්වොත් නිවැරදියි. එයාලගේ ණයකයා තමයි මිලර් කියන්නෙ. කොහොමෙන් කොහොම හරි කැම් නිකිට තියන ආදරය නිසාම එයත් පර්කොර් ක්‍රීඩාව පුරුදු වෙලා හොඳ මට්ටමකට එනවා. පස්සෙ මෙයා ගැන මිලර් දැන ගන්නවා පස්සෙ මෙයාවත් මෙ කණ්ඩායමට එකතු කරගන්නවා ඉට පස්සෙ තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නෙ. මෙයාල එකතු වෙලා ගොඩක් දෙවල් කරනවා ගොඩක් එවා හොර ජවාරම් වගේ එවා. කැම් මේ කණ්ඩායමට එකතු වෙන්න මුලික හෙතුව වෙන්නෙ කිනි එත් එයාට දැන ගන්න ලැබෙනවා මිලර් කියන කෙනා නිසා නිකි එතරම් හොඳකින් නෙමේ ඉන්නෙ කියලා. මෙ නිකි හා මිලර් දෙන්නා අතර තියන සම්බන්ධය මොකද්ද?. කැම්ට මොන වගේ වැඩද කරන්න ලැබෙන්නෙ? මිලර් කැම් නිකිට ආදරය කරනවා කියලා දැනගත්තම මොනව වෙයිදි කියලා ඔයාම බලා ගන්න මම කිව්වොත් රහක් නැති වෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු. එතකන් zoomඑකත් එක්ක ඉන්න. අවුරුදු ලඟ එනවා නෙ කලින්ම ඔයාල හැමොටම සුබ සිංහල අලුත් අවුරුද්දක් වෙලා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.