We Are Family (2010) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය?ඔන්න තවත් හින්දි චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරගෙන තමයි මම ආවේ.මේක 2010 වර්ෂයේ තිරගත උන චිත්‍රපටයක් නමුත් තවමත් කිසිම සිංහල උපසිරසියක් මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වෙලා නැහැ.එත් මේ චිත්‍රපටය රුපවාහිනියේ නම් කිහිපවතාවක් විකාශ උනා වගේ මතකයි.එත් ඉතින් හරියට බලන්න බැරි උන අයටයි බලපු අයටයි නොබලපු අයටයි ඔක්කොටම බලන්න පුළුවන් වෙන්න තමයි උපසිරසිත් එක්කම අරගෙන ආවේ.හරි එහෙනම් චිත්‍රපටයේ කතාවයි රංගනයෙන් දායක වෙන අයයි ගැන පොඩ්ඩක් බලමුකෝ.

මිනිත්තු 115 ක් පුරා දිවෙන 5.5 ක IMDB අගයක් ලබා ගත්තු(කතාවේ හැටියට IMDB අගය ටිකක් මදියි කියලා මට නම් හිතුනේ) මේ සලරුව හැඩ කරන්න රංගනයෙන් දායක වෙලා තියෙන්නේ arjun rampal,kareena kapoor,kajal යන නළු නිලියන් චිත්‍රපටය අයත් වෙන්නේ Family,Drama ඝනයට චිත්‍රපටය රු ගත කිරීම කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ, කතාව ගැන කියනවා නම් ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන පවුලක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම් ගැන මේ චිත්‍රපටයේදී හොඳින්ම පෙන්නුම්කරලා තියෙනවා හැමෝම නරඹන්න ඕන ආදර්ශමත් සංවේදී චිත්‍රපටයක් කියලා කිව යුතුමයි. චිත්‍රපටයේ සිද්ධිය ගැන නම් විස්තර කරන්න විදියක් නැහැ එහෙම උනොත් ඔයාලගේ කතා රසයට බාධාවක් වෙන නිසා.ඒ උනාට පුර්ව ප්‍රචාර පටය බැලුවොත් ඔයාලට චිත්‍රපටය ගැන අදහසක් ගන්න පුලුවන් එහෙනම් මම ගියා තවත් උපසිරසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.