වරුන් ධවාන්ගේ නවතම චිත්‍රපටය Badlapur (2015) සිංහල උපසිරැසි සමඟ.




Varun Dhawan,Nawazuddin Siddiqu,Huma Quresh,Yami Gautam,Divya Dutta,Radhika Apte වැනි නළුනිලියන් රැසක් දායක වන චිත්‍රපටියක් තමයි අද මේ විදියට ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ...Agent Vinod චිත්‍රපටිය නිර්මාණය කල Sriram Raghavan තමයි මේ චිත්‍රපටියෙත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ..2015 පෙබරවාරි 20 වැනි දින ලොව පුරා තිරගත විම ආරම්භ කල මේ චිත්‍රපටිය චිත්‍රපටියේ වියදම මෙන් තුන්ගුණයක මුදලක් හොයාගැනිමටද සමත් වුනා...Varun Dhawan හා Nawazuddin Siddiqu මේ චිත්‍රපටියේ සිටිම නිසාම ගොඩක් දෙනා චිත්‍රපටිය නැරඔබිමට කැමැත්තෙන් හිටියා..

කතාව ගැන කියනවා නම් රාඟව් හා මිෂා කියන්නේ විවාහක දෙන්නෙක්..මොවුන්ට දරුවෙකුත් ඉන්නවා රොබින් කියලා... දිනක් මිෂා එයාගේ දරුවත් එක්ක පොළට යනවා මේ එන අතර මඟදි බැංකුවක් මංකොල්ලකාපු කිප දෙනෙක් ගේ ග්‍රහනයට මේ දෙන්නා අසුවෙනවා...එකේ අවසානය තමයි මිෂාට හා රොබින්ට ජිවිතය අහිමි විම..මේ බැංකුව මංකොල්ලකාපු දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් පලා යනවා. නමුත් ලායික් නැමැති පුද්ගලයා පොලිසියට කොටුවෙනවා.ඔහු පවසනවා තමන් මේ ඝාතන දෙක සිදු නොකරපු බවත් මේ ඝාතන කලේ ඔහුත් සමඟ සල්ලි කොල්ලකැමට ආ අනික් පුද්ගලයා බවටත්... කෙසේ වෙත්ත රාඟව් මේ සිදුවිම නිසා මානසිකව ඇදවැටෙනවා. පොලිසියෙන් මේ පරික්ෂණය සිදුවෙන ආකාරය ගැන තමන්ට සතුටු විමට නොහැකි නිසා රාඟව් තිරණය කරනවා මේ පලා ගිය අනික් පුද්ගලයාව හොයාගන්න..තමන්ගේ බිරිදයි දරුවයි මැරුව පලිය ගන්න රාඟව් දැඩි ලෙසම තිරණය කරනවා. මොහු තමන්ගේ සිමා සියල්ලම මේ නිසා ඉක්මවා යනවා...මේ පලි ගැනිමේ කතාව තමයි बदलाPUR කියන්නේ.

චිත්‍රපටිය ලබා දිමට පමා විම ගැන සමාවෙන්න..මොකද චිත්‍රපටිය මම බාරගත්ත එකක් නෙමෙයි. කරන්න ගත්ත කෙනාට අපහසු නිසා හා කිපදෙනෙක්ම චිත්‍රපටිය ලබා නොදුන්නේ ඇයි කියලා විමසපු නිසා මමම වැඩේට අතගහලා චිත්‍රපටිය අරගෙන ආවා. ආපහු අලුත් චිත්‍රපටියක් මේ වගේ පමාවක් නොවෙන්න වඟබලා ගන්නවා කියලාත් කියන්න ඕන.පරණ චිත්‍රපටි කිහිපයක්ම කිපදෙනෙක් ඉල්ලුම් කරලා තිබ්බා. එවාත් බලලා අරගෙන එන්න උත්සහා කරන්නම්. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.