මාරාන්තික ධාවකයන් Fast and Furious 7 (2015) සිංහල උපසිරැසි සමග,



කාලෙකට පස්සෙ උපසිරක් අරගෙන ආවෙ ඒකත් විශේෂ එකක් මොකද මේක තමයි මගේ 100 වැනි උපසිරැසි ගැන්වීම...පළවෙනි 50 ට වඩා කාලයක් ගියා දෙවනි 50 වෙතට එන්න ඇත්තටම මගේ අතින් චිත්‍රපට උපසිරැසි ගැන්විලා තියෙන්නේ පොඩි ගානක් කතා මාලාවන් තමයි මම වැසිපුරම උපසිරැසි ගන්නවල තියෙන්නේ. ස්තූති කරන්න ඕන අය නම් ගොඩක් ඉන්නවා නම් වශයෙන් කියන්න ගියොත් කෙනෙක්ව මග ඇරුනොත් හරි නැති හින්දා මෙතනදි කාටත් පොදුවේ ස්තූති කරනවා විශේෂයෙන්ම අපේ ඇඩ්මින්ටත් සහෝදර උපසිරැසිකරුවන් කණ්ඩායමටත් වගේම හැමදාම උපසිරසක් දුන්නම අදහසක් දාලා යන අයටත් මොකද මේ ඇය හින්දා තමයි උපසිරැසි 100 ක් කියන කඩ ඉමට මට එන්න පුළුවන් වුනේ. මුලින්ම චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න පොඩි ආසාවක් ආපු හින්දා චිත්‍රපටයක් තෝරගෙන ඇඩ්මින්ට කිව්වම කරලා එවන්න කිව්වා පලවෙනි උපසිරස නම් දවස් හතරක් විතර හැදුවා ඊට පස්සේ මගේ පළවෙනි කතා මාලාවක උපසිරසක් විදියට දුන්නේ ඩ්‍රකියුලා කතා මාලාවෙ කොටස් කීපයක් හිතුවෙවත් නැති විදියට මේ වැඩේට ඇබ්බැහි වුනා කිව්වොත් නිවැරදියි. ඇත්තටම මගේ ඉංග්‍රීසි දැනුම තිබුණට වඩා ගොඩක් වර්ධනය වුනා උපසිරැසි කරන්න පටන්ගත්තට පස්සෙ සමහර කියලා තිබුණා සිංහල උපසිරැසි දෙන එකෙන් කට්ටියට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියන අවස්තාව නැති වෙනවා කියලා මම නම් කියන්නේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න තියන හොඳම ක්‍රමයක් තමයි අමාරුවෙන්හරි වචන හොයාගෙන උපසිරසක් හදන්න උත්සාහ කරන එක.ඉස්සර වගේම බැරි වුනත් පුළුවන් වෙලාවක් ආවම අනිවාරෙන්ම උපසිරසක් අරගෙන එනවා කියන පොරොන්දුවත් එක්ක චිත්‍රපටය දිහාවට හැරෙමුකෝ...

මේ චිත්‍රපටය මේ වසරේ වැඩිම අවධානය දිනාගත් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි එයට හේතු කීපයක්ම තියනවා එකක් තමයි මෙය ෆාස්ට් අන්ඩ් ෆියුරියස් නම් දැවැන්ත චිත්‍රපට මාලාවේ චිත්‍රපටයක් වීම ඒ වගේම අපි හැමදෙනාම කම්පාවට පත් කරමින් මෙම චිත්‍රපට මාලාව තුළ ප්‍රධාන නළුවෙක් වූ පෝල් වෝකර් රංඟන ශිල්පියා මෙම චිත්‍රපටයේ කොටසක් රූ ගත කර තිබියදී මිය යාම.ඒ වගේම කවුරුත් දන්න රොක් රඟපාන අන්තිම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටය මෙය වීම. මෙහි ඉතිරිය රඟපෑමට යොදාගෙන තිබුණේ පෝල්ගේ සහෝදරයාව පරිගණක ආශ්‍රයෙන් ඔහුගේ පෙනුමට සකස් කිරීමෙන්. ඒ වගේම මේ වසරේ ආදායම් වාර්තා වලින් ඩොලර් බිලියන 1.4ක ආදායමක් ලබාගෙන ඉහලින්ම ඉන්නත් මෙම චිත්‍රපටය සමත්වෙලා තියනවා මෙම චිත්‍රපට මාලාවේ හයවැන්න අවසානයේදි හත්වැන්නට ඉඟි පලකර තිබුණා. ඒ අයුරින්ම මෙය පළිගැනීමක් පිළිබඳව දිවෙන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ත්‍රාසජනක අවස්තා ක්‍රියාදාම වලින් පිරීගොස් කීවොත් නිවැරදියි මම නම් කියන්නේ මේක බලනකොට හොඳට සද්දෙ වැඩි කරගෙන බලන්න කියලා මොකද මේ චිත්‍රපටයට යොදාගෙන තිබෙන සංගීතයත් විශිෂ්ඨයි.අපි හැමෝටම වැදගත්ම දේ තමයි අපේ පවුල ඩොම් ගේ පවුල තමයි ඔහුගේ කණ්ඩායම ඉතින් පළිගැනීමක් විදියට හන්ව මරනවා ෂෝවු කියන මිනිහා හන් කියන්නේ ඩොම්ගේ පවුලේ කෙනෙක්, හන්ගේ මළ ගෙදරදි කට්ටියම තීරණය කරනවා තවත් මළ ගෙවල් බෑ කියලා ඒ වෙනුවෙන් කරන සටන තමයි චිත්‍රපටය පුරා දිව යන්නේ වටින් පිටින් කිව්වත් චිත්‍රපටයේ වෙන සිදුවීම් ගැන මම කියන්න යන්නේ නෑ මොකද එක හුස්මට ඉවරවෙනකන් ඇහිපිය නොගහා බලන්න පුළුවන්.

මේ පිටපත ඇත්තටම හොඳම ගුණාත්මක තාවයෙන් යුක්ත පිටපතක් බ්ලූ රේ එකක් එන්න තව මාස දෙකක්වත් යාවි එතකොට අනිවාරෙන්ම ඒකට හරියන්න උපසිරැසි යාවත්කාලීන කරනවා අද උපසිරැසියේ SRT පිටපතකුත් දීලා තියනවා ඔයාලගේ ඉල්ලීම් සලකා බලලා මොකද ZOOM.LK කියන්නේ ලාභ ලබන වෙබ් අඩවියක් නෙමෙයි ඒක පවත්වාගෙන යන්නේ ඔයාලා වෙනුවෙන්. ඒ වගේම කියන්න ඕන අන්තර්ජාලයට නිකුත්වෙලා තිබුණු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් අඩුපාඩු තිබුණා ඒව පුළුවන් තරමට මම නිවැරදි කරා ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන්න එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු නුදුරේදිම...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.