ලොව ප්‍රථම ගුවන් යානය සොයාගැනීම ඉන්දියාවෙන් Hawaizaada (2015) සිංහල උපසිරැසි සමඟ.



ජිවත් විම මරනය මේ සියල්ලම ජිවිතේ නියම වෙලා තියන දේවල්...ඔබ කවුද කියන එක වැදගත් නෑ නමුත් ඔබට මොනාද කරන්න පුලුවන් කියන දේයි වැදගත්...දැන් ශතවර්ෂ ගානකට කලින් අහසේ පියාඔලා යන්න මනුස්සයෙක්ට පුලුවන් කියලා කවුරු හරි කිව්වොත් ඒක සුරංඟනා කතාවක් විතරක් වගේ හිතෙන්න පුලුවන්...එත් ඒ දේ හැබැවටම කරන්න පුලුවන් කියලා ඔප්පු කරපු දෙන්නෙක් හිටියා...ඒ ශාස්ත්‍රි වගේම ශිව්කර් කියන දෙන්නා. කතාවේ හැටියට 1903 දි රයිට් සහෝදරයන් විසින් ගුවන් යානාව හොයාගන්න කලින් ඉන්දියාවේ සිටින පුද්ගලයන් දෙදෙනෙක් පලමු ගුවන් යානය ගුවන් ගත කර තිබෙනවා...නමුත් මේ දේ සිදුවන්නේ ඉන්දියාව ඉංග්‍රිසි යටත් විජිත සමයේ් නිසා සම්පුර්ණයෙන් සැඟවි යනවා...

ශිව්කර් කියන්නේ හතර වැනි වසර අසමත් වුන ශිෂ්‍යයෙක් ගෙදරින් පවා මේයාව කොන් කරනවා අධ්‍යානයක් හරියට නොලබපු නිසා...විනෝදාංෂයට කරන්නේ ට්‍රම්පට් එක වයන එක තමයි..නමුත් ශිව්කර්ට ඉගෙන ගන්න බැරි උනත් ලෝකයේ කාටවත්ම කවදාවත්ම හිතුන නැති දෙයක් කරන්න තරම් මොලයක් තියනවා කියලා ශාස්ත්‍රි කියන ගණිතඥයා දැනගන්නවා. ඔහු තමන් කරන්න යන මේ අඟනා නිපැයුමට ඔහුවත් දායක කරගන්නවා. මේ අතර ශිව්කර් ගේ හිත යන ගැණු ළමයා තමයි සිතාරා කියන්නේ... සිතාර කියන්නේ නාට්‍යාංගනාවක්... මේ කාලයේ මේ අයව සමාජයේ වැඩි පිලිගැනිමක් නෑ...ශිව්කර් කියන්නේ ඉගෙන ගන්න බැරි උනත් වංශවත් පවුලක තරුණයෙක්...ශිව්කර් සිතාරාට තමන්ගේ ආදරය ප්‍රකාශ කලත් ඇය ඒක ප්‍රතික්ෂේප කරන්නේ කවදාවත් ඒ දෙන්නාව සමාජය පිලිගන්නේ නැති නිසා...අන්තිමට ශිව්කර්ටත් නොකියාව සිතාරා නඟරට අතහැරලා යනවා... මේ දුකින් ඉන්න ශිව්කර් ඒ දුක නැති කරගන්නත් එක්ක ශාස්ත්‍රිට උදව් කරන්න පටන් ගන්නවා නිර්මාණය සාර්ථක කරගන්න...නමුත් මෙවැනි නව නිර්මාණයක් කරන්න එකල නිතියේ හැටියට අවසරයක් නැහැ....නමුත් මේ දෛනාගේ තමුන්ගේ කඩඉම ජයගනිවිද? ඒ ගැන දැනගන්න චිත්‍රපටිය නරඔන්නම වෙනවා...


Ayushmann Khurrana, Mithun Chakraborty හා Pallavi Sharda මෙහි ප්‍රධාන චරිත රඟපානවා... අයුෂ්මාන්ව සුම් ඔබට නුපුරුදු නැහැ.ඔහු රඟපැ සියළුම චිත්‍රපටි අප ඔබට සිංහල උපසිරැසි එක්ක සමිප කරලා තියෙන්නේ. මෙය Vibhu Puri ගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.... චිත්‍රපටියේ සංගිතය නම් චිත්‍රපටියටම ආවේනික ලෙස ඉතාමත්ම ලස්සනට තියෙනවා... ඔබ මඟනොහැර ගත යුතු චිත්‍රපටියක් ලෙස ඉහලින්ම නිර්දේශ කරනවා.. මට සබ් දාන්නත් ටිකක් පරක්කු උනා මේකට භාවිතා වෙන භාෂාව නිසා... එහෙනම් චිත්‍රපටිය අරගෙන රසවිදින්න..හමුවෙමු තවත් චිත්‍රපටියකින්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.