Home (2015) සිංහල උපසිරැසි සමඟ.



හම්මේ ගොඩකාලෙකින් ෆිල්ම් එකක් දුන්නේ. මේ අවුරුද්දට දෙන පලවෙනි ෆිල්ම් එකද කොහෙද මේක. කාලය යනවා දැනෙන්නෙත් නෑ. මේ බලලා මේ බලද්දි මාසයක් ගිහින් හමාරයි. ඉතින් මාත් පොඩි කාලයක් වැය කරලා සබ් එකක් දෙන්න හිතුවා. මොකද විනෝදයකුත් තිනේන එපෑයි නේද. ඉතින් අද දෙන කතාව ෆොක්ස් මාමිලාගෙ හා ඩ්‍රීම් වෝරක්ස් මාමිලාගෙ එකතුවකින් නිමැවුන සුපිරි කතාවක්. ඇනිමේෂන් එකක් වුනාට ස්ටෝරි ලයින් එක එහෙම පට්ටයි. අර අම්මලා එහෙම කතාවට කියනවනේ "උඹ හැමදාම තනිකඩව ඉදලා හරියන්නෙ නෑ කවදා හරි පෙලවහක් කරගන්න ඕන" කියලා. ඉතින් මේලෝකෙ කාටද පුළුවන් තනිවම ඉන්න නේද?. අපි කවුරුවත් කැමති නැහැ කාත් කවුරුවත් නැති පාලු කැලයකට වෙලා දිවි ගෙවන්න. හැබැයි එහෙම දිවි ගෙවන අයත් ඉන්නවා ඒ සියලු ආශාවන් දුරු කරලා භාවනා කරන අය. ඒ ඇරෙන්න අනිත් කිසිම කෙනෙක්ට බැහැ තනිව ජිවත් වෙන්න. ඉතින් මේ කතාව මං හිතනවා දෙන්න පුළුවන් ලොකුම ආදර්ශය විදිහට පෙන්වලා තියෙන්නෙ කාටවත් මේ ලෝකෙ තනියම ඉන්න බැහැ කියන එක.

මේ කතාවෙ "බූව්" කියලා කොට ජීවින් කොට්ටාශයක් ඉන්නවා. හැබැයි එයාලා ඉන්නේ වෙනත් ග්‍රහලෝකෙක. මෙයාලා කරන්නෙ සතුරු කරදර ආවම වෙනත් ග්‍රහලෝකයක් හොයාගෙන පලායන එක. ඉතින් මෙහෙම දිගටම කරද්දි මෙතුවක් කල් හම්බුන හොඳම ග්‍රහලෝකය මෙයාලාට හම්බෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි මේ අපේ රත්තරං පෘථිවිය. ඉතින් මේ බූව් කියන ජීවීන්ගෙ නායකයා නම් මාර අන්ඩපාලයා. කතාව යනකොට දැනගන්න පුළුවන් පොර මොන වගේද කියලා. ලංකාවෙත් ඉන්නවනේ එක එක දේශපාලන අප්පච්චිලා රටේ මිනිස්සු රවට්ටන. අන්න ඒ වගේ. පොරට ඕන රැලේ නායකයා වෙලා ඌ කියන එක කණ්ඩායමේ කට්ටිය අහන එක දකින්නයි. ඉතින් ඔවුන්ගෙ නිතියට අනුව බූව් කියන සත්වයින්ට හැඟීම් දැනීම් නෑ, යාළුවන් නෑ. එත් මෙයාලාගෙන් එක්කෙනෙක් වෙනස්. එයා හදන්නෙම මිතුරු විදිහට සතුටින් ඉන්න. එනිසාම සමාජයෙන් මෙයා කොන් වෙනවා. ඒ අතර තුර තමයි මෙයාලා පෘථිවියට එන්නේ. ඊට පස්සේ පෘථීවියේ මිනිස්සු බලහත් කාරයෙන් වෙන තැන් වලට දාලා මෙයාලා මිනිස් දේපල භුක්ති විඳින්න ගන්නවා. ඒත් එහෙම ලේසියෙන් මෙයාලාට ගැලවෙන්න ලැබෙන්නෙ නෑ. එතනටත් සතුරන් පහර දෙන්න ගන්නවා. හපොයි.. දැන් පෘථීවියේ මිනිස්සුත් මැරෙයිද? ඇයි මේ සතුරන් පහර දෙන්නේ? ඔවුන් බූව් වරු විනාශ කරාවිද? එතකොට මොකක්ද මම කියපු තනිකඩ කතාව? මේ ඔක්කෝම බලාගන්නකෝ සබ් එකත් දාගෙනම.

2015 මාර්තු 27 තිරගත කරපු මේ චිත්‍රපටය මේ වන විට අමෙරිකානු ඩොලර් 344,475,822 ක මුදලක් ලෝක මට්ටමින් ඉපයීමට සමත්ව සිටිනවා. හම්මේ කියනකොට නෙවෙයි බලනකොටත් මංඤ්ඤං වෙනවා වගේ. ඒ වගේම පැය 1 යි විනාඩි 34 ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඩොලර් මිලියන 135 ක් වැයවෙලා තියෙනවා. හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරු මේ කරන වියදම ලංකාවෙ නිෂ්පාදකයෙකුට ලංවෙන්නවත් පුළුවන්ද නේ මචං?.. 2006 තිරගත කරපු Over the Hedge ඇනිමේෂන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tim Johnson විසින්මයි මෙම Home චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. තවද කතාවෙ ප්‍රධාන නළුවා "ඕහ්" ට හඬ කවලා තියෙන්නේ Jim Parson විසින් වන අතර කතාවෙ ප්‍රධාන නිළියට හඬකවලා තියෙන්නේ සුපිරි හිපොප් ගායිකා Rihanna විසිනුයි. එවගේම කැප්ටන් ස්මෙක්ට Steve Martin නුත් Lucy ට අමෙරිකානු සුපිරි ගායිකා Jennifer Lopez විසිනුත් පිළිවෙලින් හඬකවා තිබෙනවා. ඉතින් කතාව ගැන තව මොන කතාද. බැලිමක් තමයි. එහෙනම් තවත් දවසකින් හමුවෙනතුරු හැමෝටම සුබ දවසක්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.