Komban (2015) සිංහල උපසිරැසි සමඟ



ඔන්න අපේ දමිල රසික, රසිකාවියන්ට මම තවත් දමිල එකක් අරගෙන ආවා. මේකත් 2015 වර්ශයේ නිකුත් උන චිත්‍රපටියක් තමයි. හැමෝම ආසා කරන නලුවෙක් තමයි මේක රංගනය දක්වන්නේ. එහෙනම් වැඩි කතා නොකර අපි චිත්‍රපටිය ගැන කතා කරමු.

2015 අප්‍රේල් 1 වෙනිදා තමයි මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ. හැබැයි එහෙම උනා කියලා රසිකයන් මෝඩයට අන්දලානම් නෑ චිත්‍රපටිය හොදටම තියෙනවා. ඒ නිසා තමයි මේ චිත්‍රපටියට IMDB Rating 5.9 වගේ ඉහල අගයක් ලැබිලා තියෙන්නේ. චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පල පොවන්නේ Karthi, Lakshmi Menon විසින්. මෙයාලගෙ රංගනයෙන් හැඩ උන චිත්‍රපටි විශාල ප්‍රමාණයක් අපේ www.zoom.lk එකෙන් ඔයාල තිලිණ කරලා තියෙනවානේ. අමතක නොගත්ත කෙනෙක් ඉන්නවානම් එයාලට ලේසි වෙන්නත් එක්ක මම මෙතන කිහිපයක් සඳහන් කරන්නම්. All in All Azhagu Raja, Biriyani, Madras, Alex Pandian, Naan Sigappu Manithan, Jigarthanda, වගේ චිත්‍රපටි ගණනාවක්ම තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ M. Muthaiah විසින්. ඒ වගේම චිත්‍රපටිය විනාඩි 136ක් දක්වා දිව යනවා. ඉන්දියානු රුපියල් කෝටි 15ක් වියදම් කරලා තියෙන මෙම චිත්‍රපටිය තිරගතවී පලමු සතිය ඇතුලත බොක්ස් ඔෆිස් ආදායම චෙන්නායි වල විතරක් කෝටි 1.3ක් උපයලා තියෙනවා. එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම්.

ගම් 3ක් අලලා තමයි මේ කතාව ගෙතෙන්නේ. චිත්‍රපටිය පටන් ගන්නේ මේ ගම් වලින් එක් ගමකට නායකයෙක් පත් කරගන්න තැනකින්. එතනදි තීරණය කරලා තියෙන නායකයා පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ එක් පුද්ගලයෙක් ඒකට විරුද්ද වෙන නිසා. හැබැයි එයාවත් රෑ මරලා දානවා. මොකද මේ ගමේ ඒ මරපු අයට විරුද්ධ වෙන හැම කෙනෙක්ටම වෙන්නේ මැරෙන්න තමයි. මොකද මෙයාල ගමේ පාලණය තියන් ඉන්න මැරයෝ ටිකක්. ගම් තුනෙන් අරසුනාඩු කියන ගමේ ඉන්නවා කොම්බන් කියලා ඉක්මන් කේන්ති කාරයෙක්. එයා හරිම ශක්තිමත් වගේම කොයි වෙලෙත් වලිම තමා. මෙයා තමයි අර කලින් කිවුව මැරයන්ට විරුද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම කියන්න යන්නේ නෑ. කොහොම හරි මේක කොම්බන්ට පෙම්වතෙක් විදිහට නම් ඉන්න වෙන්නේ නෑ. මොකද එයාව කෙලින්ම බන්දලා දෙන නිසා. ඒ නිසා එයාට බිරිඳ තමයි ඉන්නේ. මේ බිරිඳනම් කැමති නෑ එයා ප්‍රශ්න වලට යනවට. දවසක් මෙයාල දෙන්නා රන්ඩු වෙලා ගෙදරිනුත් යනවා. එහෙනම් පම්පෝරි ගැහුවා ඇති. මම නවතිනවා

ඔයාලට සුබ දවසක්. ආයෙ එකක් ඉක්මනට දෙන්න පුළුවන් වෙයිද කියලා නම් කියන්න ආමාරුයි. මොකද මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා. කොහොම උනත් සබ් දෙන එන නවත්වන්නේ නෑ. හැබැයි ටිකක් පරක්කු වෙයි. අදහසකුත් දාල යන්න කියලා මතක් කරනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.