තමන්ගේම දුව සොම්බියෙකු වූ කල Maggie (2015) සිංහල උපසිරැසි සමඟ,



2014 වසරේ ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උත්සවයේදී මැගී චිත්‍රපටය නිකුත් වන්නට තිබුනත්, චිත්‍රපටයේ ඇමරිකානු අයිතිය ලයන්ස්ගේට් සමාගම මිළදීගැනීමෙන් පසුව එය අප්‍රේල් 23 වැනිදා තිබූ 2015 Tribeca චිත්‍රපට උලෙලේදී නිකුත් කරන්නට යෙදුනා. එමෙන්ම මෙහි වීඩියෝ පිටපතද ඔවුන් විසින්ම මැයි 8 වනදා නිකුත් කලා.

චිත්‍රපටය පටන් ගන්නේ මැගී වෝගල් විසින් ඇගේ පියාට ගන්නා ඇමතුමකින්. ඇය පවුලේ ඇය දාලා නගරයට යනවා. නමුත් ඇගේ පියා වන වේඩ් වෝගල්(Arnold Schwarzenegger) ඇයව සෙවීමට යනවා. කෙසේ හෝ ඇයව හොයාගන්නවා. ඒ, ආරක්ෂක අංශ විසින් ඇයව අල්ලාගෙන රෝහලකට ඇතුල් කරාට පස්සෙ. එවිටයි දැනගන්න ලැබෙන්නෙ ඇයව ආසාදනය වූ අයෙකු(zombie) විසින් සපාකා ඇති බවට.මේ කාලය වන විට ලෝකයෙන් බොහේ දෙනෙකුට නෙක්‍රොඇම්බි යුලස් නැමැති වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වෛරසය විසින් බොහෝ කලක් ආසාදිතයාව විඳවා ඔහු හෝ ඇයව zombie කෙනෙකු බවට පත් කරනවා. එවැනි ආසාදිතයන් ආරක්ෂක අංශ විසින් ගෙනගොස් රෝහල් වෙතට ඇතුල් කරනවා. නමුත් මෙයට කිසිදු ප්‍රතිකාරයක් නෑ, ආසාදිතයාව මරනවා හැර. දුව ගෙදර ගෙන යාමට පියාට රෝහලෙන් අවසර දෙනවා. නමුත් ඇයව ආසාදනයේ උපරිම අවස්ථාවට කිට්ටු වන විට නැවතත් රෝහලේ නිරෝධායනයට රැගෙන එන ලෙස පවසමින්.

ඔහු දුවට පණ මෙන් ආදරේ කෙනෙක්. ඒත් ඔහුට මේ ආසාදනය නිසා ඇගේ දුව එක්ක ඉන්න වෙන්නේ කෙටි කලක් පමණයි. ඉන් පස්සෙ ඇය ඔහුගේ දුව වෙන්නෙ නෑ. මොකද වෛරසය උච්ච අවස්ථාවට ආවම ඇයත් අනිත් හැමෝටම වගේ සොම්බියෙකු බවට පත්වන්නට වෙනවා. ඒත් ඔහුට පුලුවන් වෙයිද තමන්ගෙ දුවව මරන්න? චිත්‍රපටය පුරාවට පියෙකු සතු සෙනෙහස ගැන මනාව පිළිඹිමු කිරීමට අධ්‍යක්ෂක විසින් උපරිම උත්සහයක් අරගෙන තිබෙනවා. ඒවගේම බොහෝ දෙනෙක් ක්‍රියාදාම චිත්‍රපටි වලින් පමණක් දැන හැඳිනගත් ආනෝලඩ් (Arnold) ප්‍රථම වතාවට නාට්‍යමය(Drama Type) චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමද සුවිශේෂීත්වයක්. ඔහු පියාගෙ චරිතය ඉතාම සංවේදී අයුරින් කරනවා.

බලන ඕන කෙනෙක්ට අවසානයේදි ඇස් වලට කඳුලක් ගෙනෙන්නට පුලුවන් විදියේ කතාවක් Maggie චිත්‍රපටයේ තියෙනවා. ඒකයි තියෙන විශේෂත්වය. එහෙනම් ඔයා චිත්‍රපටය බලලා කොහොමද කියල ඔයාම තීරණය කරන්න...

Android භාවිතා කරන අය අපේ Zoom.LK ඇප් එක තාම දාගත්තෙ නැත්නම් ඒක පහත දී ඇති ලින්ක් එකෙන් ගන්න. එහෙනම්, ඊළඟ චිත්‍රපටයෙන් හමුවෙනකල් හැමෝටම ජයවේවා...! තෙරුවන් සරණයි!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.