නයන්තරා රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Nannbenda (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න අදත් ලස්සන දමිල චිත්‍රපටියක් අරගෙන ආවා. 2015 වර්ශයේ තරගත උන චිත්‍රපටියක් තමයි මේක. අනාවර්යෙන්ම ඔයාලට මේ චිත්‍රපටිය හිතට අල්ලයි මොකද මේක විකට නලුවාට ගොඩක් ආස කරන නිසා.

එහෙනම් ඔන්න චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් Jagadish විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටිය නිශ්පාදනය කරන්නේ Udhayanidhi Stalin විසින්. මොහුම තමයි චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නෙත්. ඒ වගේම සුපිරි නිලියක් තමයි මේකට ඉන්නේ තමයි නයන්තාරා හැමෝම නයන්තාර ඉන්න චිත්‍රපටි වලට කැමතියිනේ. 2015 අප්‍රේල් 2 දින ප්‍රථම තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය විනාඩි 151ක් දක්වා දිව යනවා. තිර ගත වීම ආරම්භ කරලා පලවෙනි සති අන්තයේ විතරක් චෙන්නායි වලින් ලැබුන බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 1.20ක්

එහෙනම් කතාව ගැන කියන්නම්. චිත්‍රපටිය ආරම්බයේදිම ප්‍රධාන නලුවා සත්‍යා හිරෙන් පනින් යනවා. ඔහුව හදුන්වාදීමෙදි කියන්නේ මොහු මිනීමැරුම් සැකකාරයෙක් මේ පැනයන්නෙත් තවත් මිනීමැරුමක් කරන්න කියලයි. ඒ විදිහට පටන් ගන්න චිත්‍රපටිය තුල සත්‍යාට සිද්ධ උන සිදුවීම් ටික පෙන්වනවා. මෙයා නාට්‍ය වල රගපාන්න යන කෙනෙක්. දවසක් තාත්ත එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා මෙයා ගෙදරින් එනවා තිරිච්චි වලට. තරහා වෙලා ආව කිවුවට මෙයා තිරිච්චි එන්න හේතුවකුත් තියෙනවා. කොහොම හරි මෙයා මෙහෙදී නවන්තාරාව එහෙමත් නැත්නම් රම්‍යාව දකිනවා. මෙයාගෙ අම්ම කියලා තියෙනව එකම දවසේ 3න් වතාවක් එකම කෙල්ලම දැක්කොත් ඒ තමයි එයාගෙ සහකාරිය කියලා ඉතින් මෙයා රම්‍යා හොයන්න ගන්නවා 3න් පාරක් දකින්න හිතාගෙන. ඔහොම යන අතරේ මෙයාගෙ යාලුවෙක් තිරිච්චි වල ඉන්නවා. එයානම් මෙයා මෙයා එහෙ එනවට කැමති නෑ. ඒ ඇයි කියලා බලලා දැන ගන්න. සත්‍යා හිතපු විදිහට රම්‍යාව 3න් පාරක් දකිනවා. හැබැයි 3න් වෙනි පාර දැක්ක තැන නිසා මෙයා ගෙදර නොයා තිරිච්චි වල නතර වෙනවා. මුල ඉදන්ම රම්‍යා, සත්‍යා අතරේ ප්‍රශන් තියෙන්නේ අමාරුවෙන් සෙට් කරගත්ත එකත් ප්‍රශ්නයක් නිසා නැති වෙනවා. ඒ ප්‍රශ්නය මොකක්ද කියලා මම කියන්නේ නෑ. මොකද ඒ ප්‍රශ්නය තමයි මේ චිත්‍රපටියටම බලපාන්නේ. ඒක වෙලා තියෙන්නෙත් රම්‍යාට. ඉතින් එහෙනම් මෙතනින් නවත්වනවා.

තවත් හොද එකක් අරන් ඉක්මනට එන්නම්. බය වෙන්න එපා මේ පාර ඊලග එක පට ගාල දෙනවා. එහෙනම් මම ගියා
හැමෝටම සුබ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.