Rang Rasiya (2014) සිංහල උපසිරැසි සමඟ.



2008 වසරේ තිරඟත විමට නියමිතව තිබු නමුත් වසර ගණනාවක් ඉන්දියාවේ රැඟුම් පාලක මණ්ඩලයේ වාරණය ලැබු නිසා 2014 වසරේ අඟ බාගයේ තිරඟත වුන චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. ඉන්දියානු සිත්තරුවෙකු වන රාජා රවී වර්මාගේ චරිතාපදානය ඇසුරින් මේ චිත්‍රපටිය නිපදවා තිබෙනවා. රාජා රවී වර්මාගේ චරිතයට Randeep Hooda පන පොවන අතර චිත්‍රපටියේ සුගන්ධාගේ චරිතයට Nandana Sen විසින් පන පොවනු ලබනවා. මිට අමතරව තවත් නළු නිලියන් රැසක් රංඟනයෙන් දායකත්වය දක්වනවා. Nandana Sen ව තොරාගන්නට සැබැ සිතුවම් වල ඇති රැව ඇය හා සමාන විමත් හේතුවක් වෙලා තියනවා. රාජා රවී වර්මාගේ විස්තර සියල්ල මෙතැනින් ලබාගන්න පුලුවන්

කතාව ගැන කියනවා නම් රාජා රවී වර්මා කියන්නේ පොඩි කාලේ ඉදන්ම චිත්‍ර අදින්න කැමැත්තෙන් හිටපු කෙනෙක්. ඔහුගේ හැකියාව කුඩාකාලයේම ඒ ප්‍ර දේශය පාලනය කරන රජතුමා දැනගන්නවා. ඒ ප්‍රදේශයට කීර්තියක් පවා අත්කර දෙන්න රවී වර්මා සමත්වෙනවා..නමුත් රජතුමාගේ වියෝවෙන් පසුව තරුණ වයසට එලබුන රවී වර්මා බොම්බයට එනවා. මෙහිදි ඔහුට සුගන්ධානම් යුවතියක් මුණ ගැහෙනවා...රවි වර්මාගේ සිතේ ඇති රුප වලට සමාන ස්ත්‍රියක් ලැබිම ගැන ඔහු සතුටු වෙනවා වගේම ඔහු ඇයව යොදාගෙන දේවතාවියන්ගේ සිතුවම් සිත්තම් කරන්න ගන්නවා...මේ අතරදි අහම්බෙන් මෙන් රවී වර්මාට ක්‍රිස් ලයිෂර් නැමැති ජර්මාන් ජාතිකයෙක් හමුවෙනවා ඔහුගේ දැනුමත් උපයෝගි කරගෙන රවී වර්මා මුද්‍රණාලයක් විවෘත කරනවා...රවී වර්මාගේ එක්තරා හිතේ තිබුන සිතුවමක් ඇදිමටත් සුගන්ධාගෙන් පුලුවන් වෙනවා...නමුත් මෙය නිරුවත් චිත්‍රපයක්...රවී වර්මා දේවතාවියක් ලෙස ඇදපු ඒ යුවතිය ගේම නිරුවත් චිත්‍රයක් ඇදිම වගේම රවී වර්මා දේව රූප මුද්‍රණය කිරිමටත් එකල ජනයා විරුද්ධ වෙලා උසාවියට යාමට පටන්ගන්නවා... අවසානයේ ඔහුට නඩුවක් පවා ගොනු කරනවා...මේ කතාන්දරය තමයි මේ චිත්‍රපටියේ දිඟ හැරෙන්නේ....



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.