සැබෑ අභිරහස The Remaining (2014) සිංහල උපසිරැසි සමඟ.




හැමෝටම සුබ දවසක් පතමින්ම වැඩේ පටන් ගන්නම්. තවත් ත්‍රිලර් ගනයට අයත් වෙන චිත්‍රපටයක් සමග තමයි මම නැවත ඔයාලව හමුවට එන්නේ. 2014 වසරේ තිරගත වීම ආරම්භ කරපු මේ සලරුව අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Casey La Scala විසිනුයි. මෙම සලරුව ප්‍රදර්ශනය ආරම්භක සතියේම $ 159,143 ක ආදායමක් ලබාගෙන තියෙනවා.

කතා සාරාංශය දෙස හැරෙනවා නම් ඩෑන්, ජැක්, ටොමී, ස්කයිලර්, ඇලිසන් කියන්නේ යාළුවෝ සෙට් එකක්. චිත්‍රපටිය පටන් ගන්නේ ඩෑන් සහ ස්කයිලර්ගේ විවාහ උත්සවයත් සමගමයි. එම විවාහ උත්සවය පැවැත්වෙන අ.රතුර ටොමී මේ උත්සවය විඩියෝ කරමින් ඉන්නවා. ඒ අතරෙදී ස්කයිලර්ගේ අම්මවයි, තාත්තවයි ලිෆ්ට් එක ඇතුලෙදි ටොමී විසින් කතාවට අල්ලගෙන වීඩියේ කරන අවස්ථාවේදී එක පාරටම ස්කයිගේ දෙමව්පියන්ව අමුතු සීතලක් හැදිලා මැරිලා වැටෙනවා. ඒ අවස්ථාවේදී උදව් ඉල්ලගෙන කෑ ගහගෙන යන ටොමීට දකින්න ලැබෙන්නේ විවාහ උත්සවයට සහභාගී උන බහුතරයක් පිරිසට මේ ඇබැද්දියට මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයක්. හැබැයි මෙයාගේ යාළුවෝ සෙට් එක ඉන්නවා. මේ සිද්ධ වෙන අමුතු දේ නිසා හැම තැනම මිනිස්සු මැරිලා වැටෙනවා, ඒ වගේම අමුතු සතෙක්ගේ බලපෑමෙන් මේ අයව අහසට ඔසවා ගන්නවා. ස්කයිලර් විශ්වාස කරන ආකාරයට මෙය බයිබලයේ සඳහන් වෙන ˝ඔසවා ගැනීම˝ සිදුවෙනවා කියලයි. නමුත් ටොමී සහ අනිත් අය මේක පිළිගන්න කැමති වෙන්නේ නෑ. කොහොම උනත් මේ පිරිස හෝටලයෙන් පිටත් වෙලා ආරක්ෂිත ස්ථානයක් හොයාගෙන යනවා. එතනදි මේ ව්‍යසනයෙන් බේරෙන්න බලාගෙන ආපු තවත් පිරිසක් හමුවෙනවා. මේ හැමෝටම මේකෙන් ගැලවෙන්න ලැබෙයිද කියලා බලන්න සලරුව නරඹලාම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මේ සලරුව ඇතුලේ ශ්‍රද්ධ වූ බයිබලයේ සඳහන් වන කරුණු කාරනා ගොඩක් ඇතුලත් වෙනවා. නමුත් මම බෞද්ධයෙක් නිසා එම කරුණු පරිවර්තනයේදී සුළු සුළු අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම තිබුනොත් ඒකටත් සමාවෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේ ෆිල්ම් එකේ ඩිරෙක්ට් ලින්ක් එක ලබා දීපු නිරන්ජන් ලක්මාල් සොයුරාටත් මගේ ස්තූතිය පුද කරනවා.

නැවතත් හැකි ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබගේ අදහස, යෝජනා, චෝදනා සියල්ල මගේ මූණුපොතේ පිටුවට සුරංග වන්නිආරච්චි හරි surangawanni@zoom.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.