The Stoneman Murders (2009) සිංහල උපසිරැසි සමඟ.



  1. 1983 වර්ෂයේදී ‍මුම්බායි නගරයේ පදික වේදිකාවෙහි ජීවත් වූ යාචකයින් භීතියට පත් කරමින් සිදු වූ සත්‍ය ඝාතන පෙළක් ඇසුරෙන් සිනමාවට නැගුණු ඉතාමත් හොඳ චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන්ම The Stoneman Murders චිත්‍රපටය හඳුන්වන්නට පුලුවන්. Mystery, thriller වර්ගීකරණයට අයත් වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ පිටපත් රචනය Darna Zaroori Hai(2006)සහ Rahasya (2015)වැනි ප්‍රශස්ත මට්ටමේ සිනමා නිර්මාණයන්ට අධ්‍යක්ෂණයෙන් දායක වූ මනීෂ් ගුප්තාගෙනි. IMDB දර්ශක අගය 7.4/10ක් ලෙස සටහන් කර ගන්නට සමත් වී ඇති චිත්‍රපටය විනාඩි 95ක් පුරා ත්‍රාසය, භීතිය සහ කුතුහලය නොවඩුව රැදි ඉතාමත් හොඳ සිනමා අත්දෑකීමක් විඳගන්නට ඔබට අවස්තාව සලසා දෙනු ඇති බවට බොහොම වගකීමෙන් සඳහන් කරන්නට පුලුවන්.

    ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් වන කේ කේ මෙනන් ප්‍රධාන රංගන කාර්යයෙන් දායක වන අතරේ අර්බාස් ඛාන්, වී‍රේන්ද්‍ර සක්සේනා, රුක්ෂාර් වැනි දක්ෂ නළු නිළි කැලකගේ රංගන දායකත්වයත් චිත්‍රපටියට ලැබිලා තියෙනවා. ශ්‍රීකාන්ත් නරෝජ් සිනමාකරණයෙන් සහ සංජිබ් දත්තා සංස්කරණයෙන් දායක වී ඇති චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සුහාෂ් කුල්කර්ණි සහ සිද්ධාර්ත් කියන සංගීත වේදීන් දෙදෙනා විසිනුයි.

    මුම්බායි නගරයේ පදික වේදිකාවේ නිදා සිටින පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය වෙනවා. ඒ සම්බන්දයෙන් සැකපිට අත්තඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු සිරමැදිරිය තුළදි කරනු ලැබූ ප්‍රශ්න කිරීම් අතරතුරදී කළ පහරදීම් හේතුවෙන් මිය යනවා. ඊට වරදකරු විදියට පොලිස් පරීක්ෂක සංජය (කේ කේ මෙනන්)වැඩ තහනමකට ලක් වෙනවා. පදික වේදිකාවේ නිදා සිටි තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ඝාතනයට ලක් වීමෙන් පසුව පොලීසිය තීරණය කරනවා මෙම ඝාතන පෙළම එක් පුද්ගලයෙක් විසින් සිදු කරනු ලබන සැළසුම් සහගත ඝාතනයන් බව. පදික වේදිකාව මත නිදා සිටින අතරතුර ගලකින් හිසට පහර දී මරණයට පත් කිරීමත්, සියළුම ඝාතනයන් රාත්‍රී 10ත් උදෑසන 4ත් යන කාලය අතරතුරදී සිදු වීමත් සහ සියළු ඝාතනයන් එක්තරා ප්‍රදේශයකට සීමා වීමත් එසේ තීරණය කරන්නට ආසන්නතම හේතූන් වෙනවා. නමුත් ‍‍මුම්බායි පොලීසියට එම මිනීමරුවා ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට හැකි වෙන්නෙ නැහැ.

    මේ අතරතුර වැඩ තහනමට ලක් වූ සංජය විසින් පොලිස් ප්‍රධානියාගෙන් ඉල්ලීමක් කරනවා මෙම මිනීමැරුම් සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමට තමන්ට අවස්තාව ලබා දෙන ලෙස. පොලිස් ප්‍රධානියා රාජකාරි මට්ටමෙන් බැහැරව ඊට අනුමැතිය ලබා දෙනවා. මෙතනින් එහාට පොලීසියත්, සංජයත් වෙන වෙනම මෙම අභිරහස විසඳීමට වෙහෙසෙන අයුරු චිත්‍රපටය නරඹන ඔබට දැක ගන්නට පුලුවන් වේවි. පොලිස් පරීක්ෂණ අතරතුරදී තවත් ඝාතන කිහිපයක්ම සිදු වෙනවා. මෙම අභිරහස විසඳීමේදී සංජය අනුගමනය කරන්නා වූ උපක්‍රමශීලී ක්‍රියා පිළිවෙත කෙසේ වේවිද, එහිදී සංජය මුහුණ දෙන අභියෝගයන් ‍මොනවා වේවිද, මෙම ඝාතන පෙළට වගකිවයුත්තා කවුරුන්ද කියන වගත් දැන ගන්නට ඔබ චිත්‍රපටය නැරඹිය යුතුම වෙනවා. තවත් සිනමා නිර්මාණයක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!


    1983...
    a serial killer terrorized the streets of mumbai...
    you thought he was never caught...


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB Direct Links මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

    විශේෂ නිවේදනයයි..
    අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.