Vai Raja Vai (2015) අනාගතය දකින්නා සිංහල උපසිරැසි සමඟ.



සැහෙන කාලකෙට පස්සේ දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා... ඇත්තටම දෙමළ අසාලිවිමක් කියන්නේ ටිකක් මරණවා වගේ වැඩක්...මොකද හින්දි නම් ඕන සෙල්ලමක් දාන්න පුලුවන් එත් දෙමළ දැනුම නම් මගේ වැඩියම හොද මට්ටමක නෑ...අනික අපිට උදව් ගන්න කියලා දෙමළ දන්න යාළුවෝ වත්...එක පාරටම යාළුවෙක් ගේ යාළුවෙක්වත් උදව්වට එන්නේ නෑ. මේ දන්න දැනුමෙන් දිලා තියෙන්නේ...ඒ එක්කම මේකේ අංකන දත්ත පිටපත සකස් කලේ අපේ ප්‍රමොදුයි එයාගේ නඟායි එකතු වෙලා...ඒ දෙන්නාටත් ස්තුතියි...රොෂාන් ටික කාලයක් කාර්්‍යබහුල වෙලා තියන නිසා තමයි මේ විදියට මට මෙක අරන් එන්න සිද්ද උනේ..හින්දි චිත්‍රපටි දෙකක්ම මම දෙන්න ලැස්ති කරලා තියෙන්නේ...මෙක නිසා එකත් පොඩ්ඩක් පස්සට ගියා...ඔන්න දවස් පහකට පස්සේ මේක සබ් කරලා ඉවර උනා... චිත්‍රපටියේ නළු නිලියෝ ගැන කියනවා නම් ප්‍රධාන චරිතය Gautham Karthik නිරුපණය කරනවා...ඔහුගේ Kadal,Yennamo Yedho වගේ චිත්‍රපටි අපි ලබා දිලා තියනවා නේ ප්‍රධාන නිළිය චරිතය Priya Anand විසින් කරන අතර ඇයගේ Arima Nambi,Irumbu Kuthirai වගේ චිත්‍රපටි අපි දිලා තියනවා මතක ඇති නේ. මිට අමතරව Vivek,Taapsee Pannu,Sathish වගේ නළු නිලියෝ රැසකුත් දායකත්වය දක්වනවා... චිත්‍රපටි ගැන කියනවා නම්..

අනාගතේ වෙන්නේ මොනවද කියලා කාටද කියන්න පුලුවන් නේද, මිනිස්සුන්ට එහෙම හැකියාවක් තියෙනවනම දේවාල ලඟ අන්ජනම් බලන තැන් වල මේ තරම් පෝලිමක් තියෙන්න විදියක් නෑනේ, කොයි කවුරු නොකීවත් දන්නවා ඒ විදියට අනාගතේ සිද්ද වෙන දේ දැනගන්න හැකියාවක් මිනිස්සුන්ට තාම නෑ කියලා, හැබැයි අපේ කතා නායකයා කාර්තික්ට නම් එහෙම නෑ, එයාට උපතින්ම විශේෂ හැකියාවක් තියෙනවා, ඒ තමයි අනාගතයේ සිද්ද වෙන දේවල් එයාට කලින්ම පේන එක, කාර්තික් පොඩි කාලෙ ඉදන්ම මේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නවා, ඒ වෙන මොනවටවත් නෙමෙයි හොර කරලා විභාග ලියන වගේ දේවල් වලට, පොඩි කාලෙ ඔය එක එක හේතු නිසා තාත්තා මෙයාගෙන් පොරොන්දුවක් ගන්නවා අනාගතය පේන හැකියාව පාවිච්චි කරන්නෙ නෑ කියලා, ඒවගේම මේ හැකියාව ගැන දන්නේ, කාර්තික්ගේ අම්මායි තාත්තයි අක්කයි විතරයි, මේ විදියට තරූන වයසට වෙනකම් කාර්තික් ඒ හැකියාව ප්‍රයෝජනයට ගන්නෙ නෑ, ඒක නිසා එයා හිතන්නේ ඒ හැකියාව එයාගෙන් නැතිවෙලා ගිහින් කියලා, ඒක නිසා කාර්තික් ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව යාලුවෙක් හරහා ලැබුන රැකියාවක් කරගෙන ඉන්නවා, ඒවගේම කාර්තික්ට ප්‍රියා කියලා පෙම්වතියකුත් ඉන්නවා, හැබැයි ප්‍රියා දන්නෙත් නෑ, කාර්තික්ට මේ තියෙන හැකියාව ගැන, ඉතින් මේ විදියට කාර්තික්ගේ ජිවිතය සාමාන්‍ය විදියට ගෙවිලා යනකොට මෙයාට කෙනෙක් මුනගැහෙනවා, ඒ තමයි කාර්තික්ගේ ඔෆිස් එකේම වැඩකරන පාන්ඩා කියන කෙනා, පාණ්ඩා මෙයාලත් එක්ක සම තත්වයේ රැකියාව කලත් පාණ්ඩා හොද සුපිරි ජීවිතයක් ගත කරනවා, ඉතින් කාර්තික්ට ඕනෙ වෙනවා පාණ්ඩා එක්ක යාලුවෙන්න, ඔෆිස් එකේ සිද්ද වෙන යම් සිද්දියක් නිසා කාර්තික්ට විශේෂ හැකියාවක් තියෙනවා කියලා පාණ්ඩා දැනගන්නවා, ඔය විදියට දෙන්නා යාලු වුනාට පස්සෙ කාර්තික්ට පාණ්ඩාගේ ඇත්ත තවත්වය දැනගන්න ලැබෙනවා, ඉන්දියාවෙ ලොකුවටම යන සුදුවක් තමයි ක්‍රිකට් මැච් වලට ඔට්ටු අල්ලන එක, මේ පාණ්ඩාත් ඒ වගේ සුදු කෙලින කෙනෙක්, හැබැයි ඒ වෙනකොට පාණ්ඩා සූදු කෙලින්න ගිහින් හොදටම නන්නා වෙලා ඉන්නේ, මේ නිසා පාණ්ඩා මේකෙන් ගොඩ එන්න කාර්තික්ව පාවිච්චි කරනවා, මේ සූදුවේ ලොක්කා තමයි රාන්ධි කියන්නේ, පාණ්ඩා වෙනුවෙන් එක වතාවක් කරන උදවුවක් විදියට කාර්තික් වැඩේට කැමති වෙනවා, ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා රාන්ධිට වැඩේ දෙන්නේ පොඩි ගානකට නෙමෙයි කෝටියකටම වැඩේ දෙනවා, දැන් හිතනවා ඇති මම මුළු කතාවම කිව්වා කියලා, මේ කතාවෙ ආරම්භය විතරයි ඔන්න ඔතන ඉදන් තමයි කතාව පටන් ගන්නේ, ඒවගේම මේක අවසානයකුත් නෙමෙයි තවත් ආරම්භයක් කියලා තමයි කියන්න තියෙන්නේ, මේ චිත්‍රපටියේ තව කුමාර් කියලා ලොකුම ලොකු මැරයෙක්ටත් කාර්තික්ගේ හැකියාව ගැන ආරංචිය යනවා...අන්තිම මොහොතේ කුමාර් කියන මැරයා එනවා කාර්තික්ව හම්බවෙන්න.... බලන්නකෝ කුමාර් කියන මැරයාගේ චරිතයට රඟපාන්නේ ඔයාලා දන්න අදුනන නළුවෙක් නේද කියලා...මට චිත්‍රපටිය දාපු මහන්සියත් නැති වෙලා ගියා ඒ චිත්‍රපටියේ අන්තිමට එන කුමාර් කියන මැරයාව දැක්කාම...ඒ වගේම ඔයාලා කැමැති මේ වගේ චිත්‍රපටි තියනවා නම් දන්වලා එවන්න....කැමැති නම් ෆේස්බුක් එකට හරි ඔයාල කැමැති ෆිල්ම් තියනවා නම් එවන්න පුලුවන්...‍ ෆෙස්බුක් තුලින් සම්බන්ධ කරනවා නම් මේ මෙතැනින් පිවිසෙන්න...තව ෆිල්ම් එකක් අරන් ඉක්මනින්ම එන්නම්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.