Blackmail (2005) සිංහල උපසිරැසි සමඟ.



තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා...මේක නම් අපේ කට්ටියගේ ඉල්ලිමක් නිසා අරන් ආපු එකක්.. චිත්‍රපටිය නම් ටිකක් පරණයි...මතක විදියට මේ චිත්‍රපටිය එක් වතාවක් පමණයි ටිවි එකේ පවා විකාශනය වෙලා තියෙන්නේ..ටොරන්ට් එකක් හොයාගත්තෙත් බොහොම අමාරුවෙන් වගේම මේ ටොරන්ට් එකට ගැලපෙන සබ් එකකුත් නොතිබ්බ නිසා සබ් එකත් කොහොම හරි හදාගත්තා ඒකට ගැලපෙන්න.ප්‍රධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Ajay Devgn,Sunil Shetty,Priyanka Chopra,Dia Mirza යන අය රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Raju Chacha,Son of Sardaar වගේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂනය කල Anil Devgan විසින්..මොහු අජය දේව්ගන් ගේ සහෝදරයෙක්ද වෙනවා.

චිත්‍රපටිය ගැන කියනවා නම් ACP අභය කියන්නේ අපරාධකාරයන් රැසක් හිරයට අල්ලලා දුන්න පොලිස්කාරයෙක්...මේ නිසා ඔහුට හතුරන් හැමතැනම. ඔහුගේ මේ හතුරු ගොඩේ එක් හතුරෙක් තමයි ශේකර් කියන්නේ...ශේකර් හා අභය අතර පුරාණ හතුරුකමක් තියෙනවා...ඒ ගැන කිව්වොත් චිත්‍රපටියේ අඟය නැති වෙන නිසා නොකියා ඉන්නම් මොකද චිත්‍රපටියේ ටිකක් ගියාම තමයි අපිට ඒ කතාව පෙන්වන්නේ..කොහොම හරි ශේකර් අවුරුදු 8කට පස්සේ හිරෙන් නිදහස් වෙලා එනවා අභය ගෙන් පලිය ගන්න...අභය මේ වෙද්දි කසාද බැදලා ඔහුට ළමයෙකුත් ඉන්නවා... යම් කිසි කාරණාවක් නිසා කොහොම හරි ශේකර් අභය ගේ මේ කුඩා දරුවාව පැහැරගන්නවා... හැබැයි කප්පමට ඉල්ලන් නේ සල්ලි නෙමෙයි... ඔහු අභයගේ දරුවාව පැහැරගන්න හේතුව කුමක්ද? පැහැරගෙන කප්පම වෙනුවෙනට මුදල් නෙමෙයි නම් ඉල්ලන්නේ ඔහු ඉල්ලන්නේ මොනාද? මම කතාවේ කිසිම දෙයක් නොකිව්වේ කුතුහලයක් ඉතුරු කරන්න ඕනි නිසායි... නැත්නම් බලන්න දෙයක් නැති වෙනවා... ඒ වගේම හරිම සංවේදි අවසානයකුත් තියනවා කියලා මතක් කරන්න ඕන...එහෙනම් තවත් ෆිලුමක් එක්ක හම්බවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.