Fired (2012) සිංහල උපසිරැසි සමඟ.



දමිළ අසා ලිවිම් දිපු නිසා හිතුවා හින්දි අසා ලිවිමක් කරලා දෙන්න. මේ චිත්‍රපටියේ ඉංග්‍රිසි සබ් එකක් තියා හොද ටොරන්ට් එකක්වත් හොයාගන්න අමාරු උනා... මේකත් උපසිරැසි ඉල්ලිමකට ප්‍රතිචාර දැක්විමක්...මේකේ කොහොම හරි ටොරන්ට් පටයක් හොයාගත්තා දවසක් විතර ගියා ඩවුන්ලොඩ් වෙන්න... ඒක නිසාම මම මේ ෆිල්ම් එක අප්ලොඩ් කලා ඩිරෙක්ට් ලින්ක් සයිට් එකකට. ෆිල්ම් එක මෙගාබයිට් 250කට (480P) ලෙසට කන්වර්ට් කරලා තිබුන එකක්... කොලිටිය නම් ගොඩක් හොදයි.. (700mb වලට අපි බාන සමහර ටැමිල් ටොරන්ට් වලට වඩා සැහෙන ගුණයක් හොදයි) ඒක නිසා සයිස් එක පොඩි උනා කියලා කොලිට් එක ගැන අවුලක් හිතන්න එපා. ෆිල්ම් එක කොලිටි නැත්නම් අහගෙන සබ් එක දාලා කට්ටක් කන්නේ නෑ නේ..

ෆිල්ම් එක ගැන කියනවා නම් සත්‍ය සිදුවිමක් අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා... ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියාවේ තිරගත කරන්න අවසරය ලැබුනේ නැහැ... ඉතින් මේය තිරගත උනේ නැහැ... කතාව ගැන කියන්නම් කෝ... කොටස් වෙළද පොල කඩාවැටිම හා ආර්ථික අවපාතය නිසා එක්තරා ආයතනයක වැඩ කරපු සේවකයන් 132ගෙන් 121 දෙනෙක්ම සේවයෙන් නෙරපා හරිනවා..මේ දේ කරන්නේ ආයතනයේ CEO වන ජෝයි මිත්තල් විසින්...මේ සේවකයන් අස්කරලා දැම්ම දවසේ රාත්‍රියේ ඔහු මේ කාර්යාලයට යනවා.සේවකයෝ සියලු දෙනාම එතැනින් ඉවත් වෙලාද කියලා බලන්න... නමුත් මේ එන ජෝයි මිත්තල්ට කාර්යාලයේ ඇතුලට ආවම මුහුණ දෙන්න වෙන්නේ ජිවිතේටවත් හිතපු නැති දේවල් වලට...කාර්යාලයේ අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා..හොල්මන් කරන්න ගන්නවා...මේහෙම වෙන්නේ මොකක් නිසාද? අයින් කරපු සේවකයෝ ජොයි මිත්තල් ගෙන් පලිගන්න මේ වගේ දෙයක් කරනවාද? ඒ ගැන දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා. හොරර් ෆිල්ම් බලන අය මේ චිත්‍රපටිය මඟහැරගන්න එපා

ටොරන්ට් පටයේ සීඩ්ස් මද කමින් ඩිරෙක්ට් ලින්ක් එක ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන්න..යම් එහෙකින් ඩිරෙක්ට් ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න අපහසු උනොත් මගේ ෆෙස්බුක් පිටුවට මෙතැනින් පිවිසිලා මැසේජ් එකක් දාන්න... එතකොට ආපහු අප්ලොඩ් කරලා දෙන්නම්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.