බඩ පැලෙන්න හිනාවෙන්න Get Hard (2015) සිංහල උපසිරැසි සමඟ.



මොනා නැතත් මම එක දෙයක් දන්නවා. මේ චිත්‍රපටය ලංකාවෙ කිසිම ටීවි චැනල් එකක පෙන්වන එකක් නෑ කියලා. ඒකට හේතුව තමයි 60% පමණ අසභ්‍ය කතා තියෙන නිසා . මම ලබපු ලොකුම අසීරුතාවය තමයි මෙයාලා කියන කුණුහරුප සිංහලට පරිවර්තනය කරන්නෙ කොහොමද කියන එක. ඒ නිසාමද මන්දා සබ් එක දාන හැම වාරයක් පාසා මගෙ හිස පවා කකියන්න ගත්තා. මේ කතාව ඇත්තටම කිව්වොත් සුපිරි කොමඩියක්. හාස්‍ය කියන එක ජනතාවට ලෝබ නැතුව දෙන්න උත්සහ කරපු කතාවක් කියලා කියන්න පුළුවන්. කොහොමත් අපේ ලංකාවෙ කස්ටිය කොමඩි වලට ගොඩක් කැමතියි නෙ. ඒත් චිත්‍රපටය බලනකොට පොඩි ලමයි ළඟට ගාවගන්නවත් එපා. විශේෂයෙන් ඉන්ටනැෂනල් ස්කූල් යන පොඩි ඈයො. උන් ඉංග්‍රීසි කුණුහරුප දන්නවා නොවැ. ඒක නිසා. හෙඩ් ෆෝන් එක දාගෙන කතාව පුළුවන් නම් බලන්න. මොකද මෙයාලා විහිළුව පවා ගම්‍ය කරන්න බලන්නෙ කුණූහරුප නැත්නම් අසභ්‍ය වචන පාවිච්ඡි කරමින්. අනෙක තමයි මේ අපි දෙන Bluray කොපිය Unrated නිසා ඉවත් කල යුතු ඇතැම් දර්ශනද ඇතුලත් වී තිබීම. ඇතැම් අවස්ථාවල මේක පෝර්න් මුවි එකක්ද කියලත් හිතෙනවා. ඒකට ඉතින් බ්ලූරේ කොපියම ගන්න වෙනවා. මොනවා නැතත් මේ හැමදෙයකම හාස්‍ය අඩංගුයි කියලා නම් කියන්න ඕන. ඔබත් වැඩිහිටියෙක් නම් මේ චිත්‍රපටය අනිවාරයෙන් බැලිය යුතුයි කියලා තමයි මට හිතෙන්නෙ. ඔය ඉස්කෝලෙ යන චූටි කොල්ලො නම් මේවා බලලා නරක් වෙනවා එහෙම නෙවෙයි. චිත්‍රපටයට සබ් දානකොට ඇතැම් අවස්ථාවල මට සුදුසු වචන භාවිත කරන්න වුනා කියලත් කියන්න ඕන. එහෙම කියලා අසභ්‍ය වචන කිසිම තැනක දැම්මෙ නැහැ කියලත් කියන්න ඕන. කෙල්ලෙක්ට වුනත් බලන්න පුළුවන් විදිහට මම සබ් එක දැම්මා.

මේ කතාව සුපිරි කොමඩියක්. කතාවෙ ආරම්භෙ ඉඳලා අවසානෙ දාක්වා අඛණ්ඩව හාස්‍ය රැගෙන යන්න මෙම චිත්‍රපට කණ්ඩායම උත්සහ දරා ඇතිබවක් පේනවා. මේ කතාවෙ ප්‍රධාන නළුවන් දෙපලක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ජෙම්ස් කිං. අනෙත් කෙන තමඩි ඩාර්වෙල්. වෙනත් විදිහකට කිව්වොත් ජෙම්ස් කියන්නෙ සුදු ජාතිකයා, ඩර්වෙල් කියන්නෙ කළු ජාතිකයා. ඉතින් ජේම්ස් කියන කෙනා සුපිරි සල්ලි කාරයෙක්. ඉතින් මෙයාගෙ බිස්නස් පාට්නර් කෙනෙක් මෙයාට පට්ට ගේමක් දෙනවා. ඒකෙන් පොර වසර දහයක් දක්වා හිරේට යන්න නියම වෙනවා. ඉතින් පොරට හැමදේකටම ලෑස්ති වෙන්න කියලා මාසයක් නිතියෙන් නිදහස් කරනවා. ඉතින් මේ ජේම්ස් කියන කෙනා හරිම බයයි දැන් හිරේට යන්න. මේ අතරේ තමයි ඩාර්වෙල් සෙට් වෙලා මේක ගැන දෙන්නා කතාබහක් ඇති වෙන්නෙ. එතන ඩාර්වෙල් කියන දේවල් අහලා ජේම්ස් තවත් බය වෙනවා. ඒ ටික කතාව බලලාම තේරුම් ගන්න. නැත්නම් වැඩක් නෑ කියලා. ඉතින් ඒ නිසා ජේම්ස් ඩාර්වෙල්ගෙන් ඉල්ලීමක් කරනවා එයාට හිරේදි බේරෙන්න පුළුවන් සටන් ක්‍රම කියලා දෙන්න කියලා. ඉතින් මේ කතාවෙ යන්නෙ ඒ දෙන්නාගෙ මේ විකාර ටික තමයි. එහෙනම් අපි බලමු ජෙම්ස් හිරේට යන්නෙ කොහොමද කියලා. හරිම විහිළු කතාවක්

වෙනදා වගේ අපිට සුපිරි චිත්‍රපට දායාද කරන Warner Bros මාමිලා තමයි මේක බෙදාහැරියේ. ඒ වගේම මම හොලිවුඩ් වල ආස සුපිරිම කොමඩි නලුවා වන Kevin Hart තමයි මෙහි කළු ජාතිකයාගෙ ප්‍රධාන චරිතය හොබවන්නෙ. ඔහු The Wedding Ringer (2015), Ride Along (2014) වැනි චිත්‍රපට වල කොමඩි චරිත රඟපාලා තියෙනවා. ඒ වගේම මෙහි ප්‍රධානම නළුවා වෙන්නෙ Will Ferrell කියන සුපිරි කොමඩි නළුවායි. එහෙනම් කතාව සැනසිල්ලි, හොර රහසේ, සද්දෙ අඩු කරලා රස විඳින්නකො. තවත් දවසකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.