මහජනයා වෙනුවෙන් පෙනී සිටින නාදුනන මිනිසා Purampokku (2015) සිංහල උපසිරැසි සමඟ.



කස්ටිය හොදින් ඇති කියලා හිතනවා, ඔන්න ටික දවසකට පස්සෙ අපි ආයෙමත් ඔයාලව බලන්න ආවා, ඒ සුපිරි ටැමිල් ෆිල්ම් එකක් එක්කම, මේක ඉතින් ආව දවස් වලම දෙන්න හිටපු එකක් වැඩ රාජකාරිත් එක්ක පොඩ්ඩක් පරක්කු උනා, ඒවගේම ලඟදි DvdRip කොපි නිකුත් වුන හැම චිත්‍රපටයක්ම උපසිරැසි ගන්වලා අවසානයි, ඒවත් ඉදිරියට ඔයාලට ලබාගන්න පුලුවන්, චිත්‍රපටයේ නම තමyi purampokku නිකුත් වෙලා තාම වැඩි දවසක් නෑ මැයි 15 වෙනිදා තමයි මේක තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ, මෙහි ප්‍රධාන චරිතය විදියට ආර්යා රංගනයෙන් දායක වෙලා තියෙනවා, Settai, raja rani, meghaman වගේ චිත්‍රපටවලින් ඔහුව හමුවුනා මතක ඇති, ඒවගේම vanmam, Rummy වගේ චිත්‍රපට වලින් ඔබ හමුවට ආ විජේ සේතුපති යමලිංගම් විදියට මෙහි රංගනයෙන් දායක වෙනවා, සෙසු නළු නිළියන් විදියට Shaam, Karthika neir රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම මෙය නිශ්පාදනය කරලා තියෙන්නේ බොලිවුඩ් සිනමා නිළි විද්‍යා බාලන්ගේ සැමියා වන සිද්ධාර්ත් රෝයි කපූර් විසින්, මිනිත්තු 159ක් පුරා දිව යන මෙය IMDB දර්ශකයේ 6.3/10ක අගයක් ලබාගන්න සමත්කම් දක්වලා තියෙනවා,

කතාව දිහාට හැරෙනවානම් චිත්‍රපටයේ නමේ තේරුම තමයි හැමෝම වෙනුවෙන් පෙනීසිටින නාදුනන පුද්ගලයා කියන එක, ඉතින් බාලු (Arya) එහෙමත් නැත්නම් බාලුසාමි කියන්නේ මේ විදියට පොදු මහජනයා වෙනුවෙන් අප්‍රසිද්දියේ පෙනී සිටින රොබින් හුඩ් කෙනෙක්, රොබින් හුඩ්ව දන්නවනේ, ඇති අයගෙන් අරගෙන නැති අයට බෙදලා දෙන්නේ, අන්න ඒ වගේ දෙයක් තමයි මේ බාලුත් කරන්නේ, හැබැයි අන්තිමේදි බාලු පොලිසියට අහු වෙනවා, මෙයාට තීන්දුව විදියට මරණ දඩුවම ලැබෙනවා, බාලුව නතර කරලා ඉන්න හිර ගෙදර ඉන්න අලුගෝසුවා තමයි යමලිංගම් කියන්නේ, මෙයා අලුගෝසුවා වුනාට මොකද මෙයා ඒ රාජකාරිය කරන්න කැමති නෑ, මේ අතරේ බාලුගේ කල්ලිගේ කුයිලි කියන කෙනා බාලුව හිරෙන් නිදහස් කරගන්න උත්සහ කරනවා, ඒ කියන්නේ හිරෙන් පනින්න, ඉතින් බාලුට මරණ දඩුවම ලැබෙයිද? බාලුට හිරෙන් පැනගන්න පුලුවන් වෙයිද, යමලිංගම් කොහොමද මේකට සම්බන්ද වෙන්නේ? වගේ ප්‍රශ්ණ වලට උත්තර ෆිල්ම් එක බැලුවට පස්සෙ බලාගන්න පුලුවන්, බොහොම සංවේදී විදියේ අවසානයක් තියෙන කතාවක්, දමිළ චිත්‍රපට නරබන අය මේක මඟහැරගන්න එපා කියන ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.