Tanu Weds Manu (2011) සිංහල උපසිරැසි සමඟ.



දැනට කෝටි 100 කඩ ඉම පසු කරමින් තිරගත වන Tanu Weds Manu Returns චිත්‍රපටියේ පලවෙනි චිත්‍රපටිය අරගෙනයි මේ ආවේ... දෙවැනි චිත්‍රපටියත් එක්ක මේ පළමු චිත්‍රපටියේ ලොකු ගැලපිමක් තියෙන නිසා දෙවැනි එක බලන්න කලින් අනිවාර්යෙන්ම පළමු චිත්‍රපටිය ඔයාලාට බලන්නම වෙනවා...ඒකයි සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවේ.... R.Madhava හා Kangna Ranaut ප්‍රධාන චරිත නිරුපණය කරන මේ චිත්‍රපටිය නිකුත් උනේ 2011 වසරේදිය..මේ චිත්‍රපටිය ජනප්‍රිය උන නිසාම මෙය තෙලෙගු භාෂාවෙන් නැවත නිර්මාණය කරලා තියෙනවා.. ඒ Mr Pellikoduku නමින්..ඒ චිත්‍රපටිය අපි ඔයාලට දුන්නා මතක ඇති නේ.

කතාව ගැන කියනවා නම් මනෝජ් "මානු" ෂර්මා ලන්ඩනයේ සිට ඉන්දියාවට එන්නේ දෙමව්පියන්ගේ ඉල්ලිම මත ඒ කසාදයක් සදහා ගැණු ළමයෙකු බලන්න. මනු ඉන්දියාවට ආව විතරයි අම්මයි තාත්තායි ගැණු ළමයෙකු පෙන්වන්න එක්කගෙන යනවා. ඇය තනුජා ශර්මාය..එහෙමත් නැත්නම් තනු ය...තනුව දැක්ක ගමන් මනුට හිත ගියත් තනු දැනටම කොල්ලෙක්ට ආදරය කරන බවත් තමන්ට ඇලුම්කම් පාන්න එන්න එපා කියලාත් මනුට තර්ජනය කරනවා...ඇත්තටම මනුට ගැණු ළමයෙක්ට කියලා මුලින්ම ආසාවක් ඇතිවෙන්න ගත්තේ තනු ට නමුත් තනු විසින් තර්ජනාත්මක අර වගේ දෙයක් කියපු නිසා මනු මේ කසාදේට අකමැති වෙනවා..නමුත් මනුගේ හිතින් නම් තනුව අමතක කරන්නත් අපහසු වෙනවා...මෙහෙම කාලය ගෙවිලා යනවා මනුගේ හොදම යාළුවෙක් වෙන ජස්සි නැමැති මිත්‍රයාගේ විවාහ උත්සවයකට සහාභාගිවෙන්න මනු පන්ජාප් යනවා... මෙතැනට ගියාමයි මනු දැනගන්නේ තමන්ගේ හොදම යාළුවා විවාහ වෙන ගැණු ළමයාගේ හොදම යාළුවා තමයි මනු කියන්නේ කියලා...ඇයත් මේ විවාහ උත්සවයට සහාභාගි වෙන්න ඇවිල්ලා...මනුගේ හිතේ සැහෙන කල් ඉදන් තනු ගැන ආසාවක් තිබ්බා නේ...දැන් තනුව ආපහු හම්බවෙලා...මොහු සියළුම සිදුවිම තමන්ගේ යාළුවා එක්ක කියනවා...දැන් යාළුවා පැලැන් එකක් හදනවා මනුව කොහොම හරි තනුට සෙට් කරලා දෙන්න කියලා...මේ වැඩේ හරියාවිද? දැනටම පෙම්වතෙක් ඉන්න තනු ඒ සේරම අතහැරලා මනු ගාවට එවිද? එහෙනම් අරගෙන බලන්නකෝ...මේකේ දෙවැනි චිත්‍රපටියත් එක්ක ලඟදිම හමුවෙමු..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.