Kaaka Muttai (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවේ. මේ සිනමා නිර්මාණය නම් බලන්න වටින එකක් ලෙස කියන්න පුලුවන්. චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ අපි කවුරුත් දන්න සුපරි නළු ධනුෂ් විසින්. Slumdog Millionaire චිත්‍රපටිය වගේ පැල්පත් වල ජිවත් වන ළමයින්ගේ කතාවක් තමයි මේ චිත්‍රපටියටත් මුලික කතාව වෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ M. Manikandan විසින්.කතාව ගැන කිව්වොත් චින්න කාක මුට්ටෙයි හා පෙරිය කාක මුට්ටෙයි කියලා පොඩි දෙන්නෙක් ඉන්නවා. මේ අයගේ තාත්තා හිරේ. අම්මායි අච්චියි එකක් තමයි ජිවත් වෙන්නේ. දෙමළෙන් කාක මුට්ටෙයි කියන්නේ කපුටු බිත්තර වලට. මේ දෙන්නාට මේ නම වැටිලා තියෙන්නෙත් බිත්තර ගන්න සල්ලි නැති නිසා මේ දෙන්නාම කරන්නේ අසල තියන පිට්ටියට ගිහිල්ලා කපුටන්ගේ බිත්තර අරන් බොන එක. කොහොම හරි මේ ය මේ කාක බි්තතර ගන්න යන තැන අලුත් බිල්ඩිමක් හදනවා. එතැන දානවා පීසා කඩයක්. මේතැන හදන පිසා එකක මිල රු300ක් විතර වෙනවා. බිත්තරයක් ගන්න රු5ක් නැති දෙන්නාට මොන පීසාද? එත් මේ දෙන්නා හැමදාම දකිනවා පිසා හදාගෙන බයික් එහේ මෙහේ යනවා.. පොඩි එවුන් දෙන්නා තිරණය කරනවා කොහොම හරි පීසා එකක් කන්න. දෙන්නා ගේ ප්ලැන් එක සාර්ථක වේවිද? එක දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නරඹලාම තමයි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.