Nithin in Chinnadana Nee Kosam (2015) සිංහල උපසිරැසි සමගින්



ගොඩ කාලෙකට පස්සේ අපේ තෙලිගු රසික රසිකාවියන් හමුවෙන්න ආවේ. පහුගිය කාලේ මට සබ් එකක් දෙන්න බැරි උනා මගෙ පෞදගලික හේතු කිහිපයක් නිසා. ඒත් වෙලාවක් ලැබුන ගමන් අපේ අය වෙනුවෙන් ලස්සන ආදර කතාවක් තියෙන තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා. 2015 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක් තමයි මේ විදිහට ඔයාල අතට පත් කරන්නේ. එහෙනම් වැඩි පුරා ජේරු නැතිව චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් බලමු.

Nithiin, Mishti යන දෙදෙනා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ N. Sudhakar Reddy, Nikita Reddy යන දෙදෙනායි. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ A. Karunakaran විසින්. චිත්‍රපටියේ නලුවාව නම් හැමෝම වගේ දන්නවා. ඒත් නිලිය නම් ශේත්‍රයට අලුත් කෙනෙක්. ඉන්දියාවෙ අය නම් හොදට දන්න රේඩියෝ මිර්චි වැඩසටහන කරන නිවේදිකාව තමයි මේකෙ නිලිය. ලගදිම එයාගෙ තව චිත්‍රපටියක් පටන් ගන්නවා. නලුවා ගැන නම් කියන්න ඕනේ නෑ. දැක්ක ගමන්ම හැමෝටම Hart Attack එකක් එන නලුවෙක්නේ. එයාගෙ අපි දුන්න චිත්‍රපටි කිහිපයක් පහතින් දාන්නම්. නොබලපු අය බලන්නකෝ. Heart Attack, Gunde Jaari Gallanthayyinde, Agyaat, වගේ චිත්‍රපට. චිත්‍රපටය ප්‍රථම තිරගත කිරීම සිදුවන්නේ 2014 දෙසැම්බර් 25වන දිනයි. මේ චිත්‍රපටිය වෙනුවෙන ඉන්දියාවු රුපියල් කෝටි 16ක වියදමක් වැය කර තිබෙනවා. ඒ වගේම චිත්‍රපටිය විනාඩි 140ක කාලයක් පුරාවට දාවනය වෙනවා වගේම IMDB Rating 5.5 අගයක්ද ගන්න මෙම චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා.

එහෙනම් චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම්. නිතින් කියන්නේ සල්ලි කාර ගෙදරක ඉන්න කොල්ලෙක්. කිසිම බරක් පතලක් නෑ. දවසක් මෙයා පාරෙ බයික් එකේ යනකොට එකපාරටම ලස්සන කෙල්ලෙක්ව දකිනවා. හැබැයි ඒ නිතින් කලින් දැකලා නෑ. ඒ කෙල්ල යන වාහනය එක්කම නිතින් බයික් එකේ යනවා. එකපාරටම ඒ කෙල්ල හායි නිතින් කියලා කියනවා. දන්නේ නැති කෙනෙක් නිතින් කියලා නම කතා කරපු එක මෙයාටත් අවුල්. එතනින් පස්සේ ටික මම කියන්නේ නෑ. කොහොම හරි මේ කෙල්ල පස්සෙන් නිතින් යන්න ගන්නවා. හැබැයි කෙල්ලනම් ටිකක්වක් නිතින්ට කැමති නෑ. නිතින් අදුරන වයසක සීය කෙනෙක් ඉන්නවා. එයා නිසා මේ දෙන්නා කොහොම හරි ලං වෙනවා. හැබැයි ඒ කෙල්ල තමන්ට ලං උනේ බොරුවට කියලා දැන ගන්නේ අර කලින් කියපු සීයව අරන් එයා රට ගියාට පස්සේ. නිතින්ට එතනින් පස්සේ මොකද කරන්නේ කියලා ඔයාල අරන් බලන්න. මොකද නිතින්ට වෙන්නේ, ඇයි අර කෙල්ල සීයව අරන් රට ගියේ, නිතින්ට තමන් ආදරය කරපු කෙල්ලය ලැබෙයිද, මේ සේරම දේවල් ඔයාල අරන්ම බලන්න.

එහෙනම් මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. තවත් හොද එකක් එක්ක පුළුවන් තරම් ඉක්මනට එන්න උත්සහ කරන්නම්. ටිකක් කල් ගියොත් අමනාප එහෙම වෙන්න එපා. අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා හොදේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.