Paper Planes (2014) සිංහල උපසිරැසි සමගින්



ඔන්න තවත් ලස්සන සිනමා සිත්තමක් අරගෙන ආවා. මේක ඔස්ට්‍රේලියානු චිත්‍රපටියක්. කතාව ගැන නම් කියලාම වැඩක් නෑ ගොඩක් ලස්සන එකක්. කොහොමත් ඔස්ට්‍රේලියානු කතා ලස්සන බව ඔයාලා දන්නවා ඇති රුපවාහිනි එකේ විකාශනය විකාශනය උනු කතා බලලා තියනවා නම්. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා නම් ඔයාලාට හුරුපුරුදු කෙනෙක් Man on a Ledge,Clash of the Titans වගේ චිත්‍රපටිවල රඟපාපු Sam Worthington තමයි ප්‍රධාන චරිතය කරන්නේ. මිට අමතරව Ed Oxenbould විසින් ළමා චරිතයට රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවා නම් අපි පොඩි කාලේ කඩදාසි පේලේන් හදලා ඇතිනේ..මේවාට සමහර අය රොකට් කියනවා.. සමහර අය කාක්කෝ කියනවා..කොහොම හරි මේ මොනාම හරි එකක් හදලා ඇතිනේ. ඉතින් මේ කඩදාසි පේලේන් යැවිම ගැන පිටරට තරඟයකුත් පවත්වනවා. ලොකේ වැඩිම දුරක් කඩදාසි පේලේන් එකක් යවලා වාර්තාවක් තියලා තියන ගාන මිටර් 62ක්. අපේ කතාවේ නායකයා ඩිලනුත් පාසලේදි හැමෝම පුදුම වෙන විදියේ කඩදාසි පේලේන් එකක් හදනවා. ඩිලන් ගැන කිව්වොත් ඩිලන්ගේ අම්මා නැති වෙලා තාත්තා එක්ක ඉන්නේ. තාත්තා තාම අම්මා නැති වෙච්ච දුකින් ඔහේ බලාගෙන ඉන්නවා ඇරෙන්න ඩිලන්ගේ කිසිම වැඩකට උදව්වක් වත් දෙන්නේ නෑ. කොහොම හරි පාසලේදි ඩිලන් කඩදාසි පේලේන් එක්ක යවලා ඒක දැකපු ගුරුවරයෙක් ඔහුව අන්තර්ජාතික කඩදාසි පේලේන් හැදිමේ තරඟයට සම්බන්ධ කරනවා.. ඩිලන් මුලික වට වලින් දිනිනවා..නමුත් මේ එක තරඟයක්වත් බලන්න තාත්තා කවදාවත්ම එන්නේ නෑ. මේ ගැන ඩිලන්ට ගොඩක් දුකයි..එත් මොනා කියලා කරන්නද? මේ අතරේ ඩිලන්ගේ දක්ෂතාවය නිසා අවසන් මහා තරඟ වලටත් තේරෙනවා..මේ අස්සේ කරදර ජරමර ගොඩක් ඩිලන්ට වෙනවා. තරඟයට සහාභාගි වෙන්න මුදල් නැති වෙනවා..පොඩි අනතුරක් වෙනවා..ඉතින් මේ සේරම කරදර බාධක ජයගෙන ඩිලන් කඩදාසි පේලේන් යැවිමේ ශුරතාවය දිනා ගනිවිද? ඩිලන්ගේ තාත්තා එක්ක ආපහු ඩිලන්ට සතුටින් ඉන්න පුලුවන් වේවිද? ඒ ගැන දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක අරගෙන බලන්න... සබ් එක කරගෙන යද්දි අන්තිම වෙද්දි නොසිතු වැඩක් වැටුන නිසා ඒ සබ් එකේ අන්තිම ලයින් 200ක් විතර කරපු දර්ශනටත් ස්තුතියි. නැත්නම් තවත් පරක්කු වෙන්න තිබ්බා. එහෙනම් ඊලඟ සති අන්තයේ තවත් චිත්‍රපටියක් උපසිරැසි කරලා අරගෙන එන්නම්. ඊට කලින් වෙලාවක් ලැබුනොත් කොහොම හරි උපසිරැසියක් කරලා දෙන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.