Piku (2015) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න තවත් චිත්‍රපටියක් පට ගලා අරගෙන ආවා. මේක කර කර ඉන්න ගමන් මිස්ටර් එක්ස් ආවේ. ඉතින් මේක පොඩ්ඩකට නවත්තලා මිස්ටර් එක්ස් කරපු නිසා තමයි ටිකක් පමා උනේ මේක දෙන්න. Amitabh Bachchan,Deepika Padukone,Irrfan Khan රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය Vicky Donor හා Madras Cafe හදපු Shoojit Sircar හා Juhi Chaturvedi සුසංයෝගයෙන් තැනුනු නිර්මාණයක්.

කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ බාස්කර් බැනර්ජී ගේ දුව තමයි පීකූ කියන්නේ. පීකු ගේ තාත්තා බාස්කර් කියන්නේ අවුරුදු 70ක පමණ වයස කෙනෙක්. මෙයාට තියන ලොකුම ලෙඩේ තමයි මලබද්ධය.එකත් සැහෙන ලොකු ලෙඩක් විදියටයි මේ කෙනා හිතාගෙන ඉන්නේ. ඒ වගේම මොහුට ලෙඩක් හැදේවි කියලා ලොකු බයක් තියනවා. ඉතින් එක එක පරික්ෂණ කරගන්නවා. හැබැයි පරික්ෂණ වල ප්‍රතිපලය හොද උනාමත් බැනර්ජීගේ හිතට හරි නෑ. ඉතින් මේ වගේ අමුතු චරිතයක් තමයි ඔහු. මේ නිසාම පීකූට කසාදයක්වත් කරගන්න බැරුව ඉන්නේ. කොහොමත් තාත්තා පිකූට කසාදයක් කරගන්න දෙන්නෙත් නෑ එක එක එවා කියලා. කොහොම හරි ඔහුට දිල්ලි වල ඉදන් කල්කටා වලට තමන්ගේ මහා ගෙදරට යන්න උවමනා වෙනවා. ඒකට කොච්චියේවත් පේලේන් එකේවත් යන්න ඔහු කැමැති වෙන්නේ නෑ. ඔහුට ඕන වෙන්නේ වාහනයක් අරන් කිලෝමිටර් සිය දහස් ගානක් ගෙවාගෙන මහා මාර්ගයෙන් යන්න. මේකට පීකූ අකමැති උනත් තාත්තාගේ වචනයට පිටින් මුකුත් කියන්න බැරි නිසා ඒක කරනවා. ඔවුන් කැබ් එකක් හයර් එකට ගන්නවා. මේ කැබ් සමාගමේ අයිතිකාරයා තමයි රානා චෞදරි (Irrfan Khan). පීකූ ගැන කැබ්සර්විස් එකේ අය කොච්චර හොදට දන්නවාද කියන්නේ පීකු එක්ක ලඟ පාතකටවත් හයර් එකක් යන්න එකේ ඩ්‍රයිවර්ලා කැමැති නෑ. ඉතින් අන්තිමට රානාටම තමයි මේ අයව ඇරලවන්න කල්කටා වලට යන්න එන්න වෙන්නේ. රානාත් හිනියට වගේ පොඩි ලයින් එකක් දානවා පීකුට ටික කාලේක ඉදන්. ඒ නිසා ඔහු මේ ගමන යන්නේ පොඩි හිතේ කැමැත්තකුත් තියාගෙන තමයි එන්නේ...ඉතින් මේ අයගේ චාරිකාව තමයි දැන් පටන් ගන්නේ... සේරම කිව්වොත් ගතියක් නෑ නේ..කතාව අරගෙනම බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.