Teen Wolf SE5 EP3 සිංහල උපසිරැසි සමඟින්.




ටීන් වුල්ෆ් පස්වෙනි කතාසමයේ තුන්වෙනි කොටසත් එක්ක තමයි අද මම ආවෙ, අද උපසිරැසිය ලබාදෙන්න ප්‍රමාද වුනාට සමාව ඉල්ලනවා, වෙනදට ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙන්නේ හවස නිසා මට ඒ ගැන ගානක් ගියේ නෑ. ඊලඟ සතියේ උපසිරැසිය කලින් දෙන්න උත්සහ කරන්නම්, කොහොමහරි එකවර කොටස් දෙකක්ම විකාශය වුන නිසා පහුගිය කතාව ගැන මතක් කරනවනම්, බීකන් හිල්ස් පාසලේ හිටපු කණිශ්ඨ ළමයි ටික දෙනා දැන් ජේශ්ඨ වසරට පා තබලා, ගිම්හානයේ ආරම්භක වාරය තමයි මේ විදියට ඔයාලා හමුවේ දිග හැරෙන්නේ වෙනදා වගේම අභිරහසකින් තමයි කතාව ආරම්භ කෙරෙන්නේ, කණ්ඩායමක් ලිඩියාව පැහැරගෙන ගිහින් පරීක්ශණ කරන තැනින් තමයි කතාව පටන් ගන්නේ, ලිඩියාව එයාලට අහු වෙන්න කලින් කතාව තමයි මේ විකාශය වෙන්නේ, ජේශ්ට වසර ආරම්භයත් එක්කම බීකන් හිල්ස් පාසලට අලුත් ලමයි ගොඩක් ඇතුලත් වෙනවා, මේ අතරේ ටිකක් තනියෙම ඉන්න ළමයෙක් ඉන්නවා එයා තමයි ට්‍රේසි මෙයාට හිනෙන් බය වෙන ලෙඩක් තියෙනවා, මෙයාට දවල්ටත් ඒ වගේ එක එක හීන පේන්න ගන්නවා, ඉතින් කොහොමහරි ලිඩියාට ට්‍රේසිව මුන ගැහෙනවා, එතනින් පස්සෙ තමයි කට්ටිය ට්‍රේසි ගැන අවධානය යොමු කරන්නේ, කට්ටිය විශ්වාස කරන්නේ ට්‍රේසි කියන්නෙත් මිනිස් වෘකයෙක් කියලා, ඉතින් අද කොටසෙන් දැනගන්න ඇත්තටම ට්‍රේසි කවුද, එයා මොන වගේ අසාමාන්‍ය කෙනෙක්ද, එයා එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා, මේ අතරේ තවත් බිටාවෙක් ඇවිත් ඉන්නවා ඒ තමයි ලියෝ කියලා, එයානම් කියන්නේ හතර වසරෙදි ස්කොට් එක්ක එයා එකට පන්තියේ හිටපු කෙනෙක් කියලා, ඒත් ස්ටයිල්ස් මේක විශ්වාස කරන්නේ නෑ, ඒවගේම ලියම් මිනිස් වෘකයෙක් කියලා එයාගෙ හොදම යාලුවා මේසන්ට කියනවා ලියම්ටත් ඔන්න ලස්සන ගෑනු ළමයෙක් සෙට් වෙන්න වගේ යන්නේ, එහෙනම් කුතුහලයෙන් පිරුණ අද කොටස නරඹන්න කියන ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම්, ඊලඟ කොටසත් එක්ක හමුවෙමු! ජයවේවා!


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.





No comments

Powered by Blogger.