The Lazarus Effect (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න ඉක්මනටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා මේකත් ත්‍රිලර් හොරර් ගනයට අයත් වෙන චිත්‍රපටියක්. මේක කලින් කරන්න බාරගෙන තිබ්බ එකක් නමුත් මම මේක දාන්නද කියලා ඇහුවාම සබ් දාපු කෙනා මට දාන්න කියලා දිලා තියනවා ඉතින් එයාටත් බොහොම ස්තුතියි මට මේ චිත්‍රපටිය කරන්න ලබා දුන්නාට. Rush (2013) වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටිවල රඟපාපු Olivia Wilde තමයි මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ...

කතාව ගැන කියනවා නම් මේ චිත්‍රපටිය ටිකක් ආගම් පැත්තට නැඔුරු වෙලා තමයි යන්නේ. ක්‍රිස්තියානි ආගමේ අයගේ විශ්වාසයක් තියනවා නේ මැරුනාට පස්සේ දෙවියන් ගාවට යනවා කියලා ඉතින් මෙහෙම මැරුන කෙනෙක්ට ආපහු පන දෙන්න විද්‍යාවෙන් පුලුවන් නම් ඒක කොයි වගේ දෙයක් වේවිද? ඒ වගේ තාක්ෂණයක් විද්‍යාඥයින් හතර දෙනෙක් හොයාගන්නවා ඒ සෝයි,ෆ්රැන්ක්,ක්ලේ ,නිකෝ කියන හතර දෙනා. මොවුන් මුලින්ම මැරිච්ච බල්ලෙක්ට පන දිලා බලනවා. නමුත් ඌ හැසිරෙන්නේ මහා අමුතුම විදියටයි. ඔයාලා LUCY චිත්‍රපටිය බැලුවා නම් එකේ කියනවා මතක ඇති කෙනෙක් සමාන්‍ය යෙන් මොලයේ 10%යි පාවිච්චි කරන්නේ කියලා. හැබැයි මේ අය නැවත පණ දෙන්න කරන පරික්ෂණය නිසා මොළයේ 100%ක ක්‍රියාකාරිත්වය ක් එන්න ගන්නවා. කොහොම හරි මේ විදියට පරික්ෂණය යද්දි එක් දිනක් සිදුවන අනතුරකින් සෝයි මිය යනවා. සෝයි කියන්නේ ෆ්රැන්ක් ගේ පෙම්වතිය. ඔහු තිරණය කරනවා ඇයට නැවත පන දෙන්න.. සේරම වරදින්න ගන්නේ ඇය නැවතත් මරණයෙන් නැගිට්ටාට පස්සේ. කතාව අරන් බලන්නකෝ බැලුවාට පාඩුවක් නම් වෙන එකක් නෑ. තව නියම ෆිල්ම් එකක් අරගෙන එන්නම් කෝ ඉක්මනටම.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.