The Unsound (2014) සිංහල උපසිරැසි සමගින්




හින්දි ෆිල්ම් එකක් අරන් එන්නම් කියපු නිසා ඔන්න මාසේකට විතර කලින් නිකුත් වුන 2014 වසරේ නිකුත් වුන හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. හින්දි චිත්‍රපටි වලට ගොඩක් කැමැති අය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටිය අරගෙන ආවේ. මේක නම් අනික් චිත්‍රපටි වගේ ආදයම් වාර්තා තියන ලොකු චිත්‍රපටියක් නෙමෙයි ඒ නිසා කැමැති අර අරගෙන බලන්න. මේ චිත්‍රපටිය ටිකක් හින්දි මෙගා කතාවක් වගේ තමයි.. ලොකු පවුල් ආරවුලක් තමයි කතාවට තේමාව වෙන්නේ. දේව් හා ගිතංජලිගේ දික්කසාදයෙක් තමයි කතාව පටන් ගන්නේ. ගිතංජලි තවත් දේව් එක්ක ඉන්න බැහැ කියලා ඔහුගෙන් වෙන් වෙන්න දික්කසාද නඩුවක් ගොනු කරනවා. දේව් කියන්නේ කොහොමත් සෙල්ලක්කාර චරිතයක්. ඔහු මේ දේවල් ගැන බරපතල විදියට හිතන්නේ නැ. යන්න ඕන නම් යන්න වගේ අදහසකින් තමයි ඔහු ඉන්නේ. කොහොම හරි දේව් ටික කාලයක් යද්දිම වෙන ගැණු කෙනෙක් එකක්ත් සම්බන්ධකමක් පටන්ගන්නවා. දේව් ගේ හොදම යාළුවා තමයි ඩොක්ටර් ෂිතේජ්. ඔහු නිතරම දේව්ට උපදෙස් දෙනවා. නමුත් ෂිතේජ් කියන එවාත් දේව් ගනන් ගන්නේ නැහැ දැන්. ඒ වගේම ෂිතේජ්ට දැනගන්න ලැබෙනවා මේ අතර දේව්ට එක් මානසික රෝඟයක් තියනවා කියලා එකෙන් ඔහුට තරහා පාලනය කරගන්න බැරි වෙනවා කියලා. දේව් මිනිමරුවෙක් යන වගත් ඔහුට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ විදයට තමයි කතාව ගලාගෙන යන්නේ. එහෙනම් අරගෙන බලන්න. ආපහු සුපුරුදු විදියට ඉංග්‍රිසි චිත්‍රපටියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.