White Bird in a Blizzard (2014) සිංහල උපසිරැසි සමඟින් (+18)



ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක සයිට් එකේ ඇඩ්මින් තමයි මට කරන්න දුන්නේ පුලුවන් නම් මේ ෆිල්ම් එක කරලා දෙන්න කියලා. ඇත්තටම මේ ෆිල්ම් එක ගත්තාම මාව ලොකු අමාරුවක වැටුනා වගේ උනා සමහර තැන්වලදි. සමහර විට ඔයාලා මේ ෆිල්ම් එක බලලා ඇති. එහෙම බලපු නැති අයට කැමැති නම් අරගෙන බලන්න පුලුවන්. අපි කවුරුත් අදුනගත්ත Divergent,The Fault in Our Stars වගේ චිත්‍රපටිවල රඟපාපු දගකාර නිළිය වන Shailene Woodley තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්නේ. ඇත්තටම මේ චිත්‍රපටියේ Shailene Woodley ගේ චරිතය ගැන ගොඩක් දුරට කතා වෙලා තියෙනවා මොකද ඇය සිනමා ශේෂ්ත්‍රයට ඇවිල්ලා ටික කාලයකින්ම මේ චිත්‍රපටියේ සම්පුර්ණයෙන්ම නිරුවත් ජවනිකා කිහිපයකටම පෙනි සිටිය නිසා.


චිත්‍රපටිය ගැන කියද්දි මට චිත්‍රපටිය බලලා ඉවර උනාම හිතුනේ කවදාවත් අපි මිනිස්සු ක්‍රියා කරන මිනිස්සු හැසිරෙන විදියෙන් ඒ අයගේ ගුණ දොස් තිරණය කරන්න හොද නැහැ කියලායි. දෙමව්පියන්ව දරුවෙකුට කොච්චර අවශ්‍යද? අම්මලා තාත්තලා දරුවෙක්ව අතහැරලා දැම්මොත් ඒ මානසික මට්ටම එක්ක ඒ ළමයින්ට මොනා වේවිද කියන දේ මේ චිත්‍රපටියේ මැනවින් පෙන්වලා දෙනවා. ඒ වගේම කොච්චර හොද කෙනෙක් උනත් නපුරු කෙනක් කරන්න කාගේ හරි වචන වලට පුලුවන් නේද කියලා ඔයාලට මේ චිත්‍රපටිය බැලුවාම තේරෙයි. කතාවක් තියනවා නේ පොතක් උනත් පිටකවරයෙන් මැනලා තිරණය කරන්න එපා කියලා. මිනිස්සු උනත් එහෙමයි. පිටත පෙනුමෙන් කවදාවත් කෙනෙක්ව විශ්වාස කරන්න හොද නැහැ. විශේෂයෙන්ම පිරිමි කට්ටියව

කැත්‍රිනා එහෙම නැත්නම් කැට් කියන්නේ අවුරුදු 17ක කෙල්ලෙක්.ඇය දිනක් ගෙදර එද්දි ඇයගේ අම්මා අතුරුදහන් වෙලා..තාත්තා පිස්සු හැදිලා වගේ ඔහේ බලාගෙන ඉන්නවා. කැට්ගේ තාත්තායි අම්මායි වැඩිය හොද පවුල් ජිවිතයක් නෙමෙයි ගත කලේ. තාත්තා අහිංසක කෙනෙක් නමුත් කැට්ගේ අම්මා ඊවා කියන්නේ නිතරම තාත්තා එක්ක රණ්ඩුවට යන කෙනෙක්. මේ දේවල් කැට් පොඩි කාලේ ඉදලාම දැකලා තියනවා. ඒ නිසා ඇය අම්මා ගැන වැඩිය හිතන්නෙත් නෑ. ඇයත් අනුකම්පාව දක්වන්නේ ගොඩක්ම තාත්තාටයි. ඇයට මේ අම්මාගේ අතුරුදහන් විම පෙනුනේ අම්මා වෙන කවුරු එක්ක හරි පැනලා යන්න ඇති කියලාමයි. කැට් ගේ අල්ලපු ගෙදර ඉන්න කොල්ලා තමයි ෆිල් කියන්නේ. ඇය ෆිල් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්නවා. මේ සම්බන්ධය ගැනත් කැට්ගේ අම්මා වැඩිය හිත්මනාපෙන් නෙමෙයි ඉන්නේ. මොකද කැට් හා ෆිල් දවසක් ගබඩා කාමරේ එකට ඉදලා අම්මාගේ අතටම අල්ලගන්නවා. අවුරුදු 16 - 17ක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඒ විදියට ඉන්නවා දැක්කාම අම්මා කෙනෙක්ට තරහා යන එකත් සාධාරණයි නේ.කොහොම හරි මේ වගේ සිදුවිම් ගොඩක් අස්සේ තමයි ඊවා අතුරුදහන් වෙන්නේ. ඇයට සිදුවෙච්ච දේ ඇත්තටම අභිරහසක්. ඒ අභිරහස ෆිල්ම් එකේ අන්තිමටම ඔයාලාට විසදගන්න ලැබේවි...

චිත්‍රපටිය ඔයාලාට තේරෙන්න පුලුවන් වෙන්න උපරිම විදියට වචන ගලපලා දැම්මා. ඔයාලගේ අදහස් තමයි ගොඩක්ම වටින්නේ. මේ චිත්‍රපටිය බලන්න අර මුලින්ම කිව්ව දේ නිසා නෙමෙයි කතාවක් විදියට විදින්න කැමැති නම් මොකද අපි නොහිතන කතාවක් මේ චිත්‍රපටිය ඇතුලේ තියන නිසා. හින්දි චිත්‍රපටියක් දෙන්න ආසයි බලමු පුලුවන් උනොත් හින්දි ෆිල්ම් එකක් අරන් එන්නම් කෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.