Dharam Sankat Mein (2015) සිංහල උපසිරැසි සමගින්



ඔන්න මගේ දෙවැනි හින්දි උපසිරැසි ගැන්විම අරගෙන ආවා.Fuwad Khan විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටිය Viacom 18 Motion Pictures හි නිශ්පාදනයක්.Paresh Rawal,Naseeruddin Shah,Annu Kapoor වැනි ප්‍රවිණ නළු නිලියන් පිරිසක් මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. කතාව ගැන කිව්වොත් ධරම්පාල් කියන්නේ මුස්ලිම් අය පෙන්වන්න බැරි කෙනෙක්. ඔහුගේ නිවස අසලට පදිංචියට එනවා නවාඩ් මොහොමඩ් ෂා කියලා මනුස්සයෙක් එයාත් එක්කත් හැමදාම පැටලෙන එක තමයි ධරම්පාල් කරන්නේ. ධර්ම්පාල්ට කේටරින් ව්‍යාපාරයක් තමයි තියෙන්නේ ඔහුගේ මේ කඩේ වැඩට පවා අඩුම ගානේ මුස්ලිම් කෙනෙක් වැඩට ගන්නේ නෑ. ඒ තරම්ම ඔහු මුස්ලිම් විරෝධියෙක්. කොහොම හරි තමන්ගේ අම්මාගේ මරණය වෙලා මාස දෙකකට විතර පස්සේ අම්මා විසින් බැංකුවේ ඇරපු ලොකර් එක හිස් කරන්න කියලා ධරම්පාල් බැංකුවට යනවා. එතකොට තමයි ධරම්පාල් එයාව සිතල වෙලා යන දෙයක් දැනගන්නේ. ඒ තමයි තමන් හදාගන්න ගත්ත දරුවෙක් වඟත් තමන් ඉපදිලා තියෙන්නේ මුස්ලිම් පවුලකට කියලාත්. මේක දැක්ක ගමන් ධරම්පාල් ගල්වෙලා යනවා. මොකද මේ වගේ දෙයක් ඔහු හිනෙන් වත් හිතලා තිබ්බ නැති දෙයක්. ධරම්පාල් හිතාගන්නා තමන්ගේ ඇත්ත තාත්තා කොහොම හරි හොයාගන්නවා කියලා. මෙතැනින් එහාට කතාව ඔයාලාම බලලා දැනගන්නකෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.