Engaeyum Eppothum (2011) සිංහල උපසිරැසි සමගින්



කොහොම හැමෝටම ඔන්න එහෙනම් තවත් දමිළ නිර්මාණයක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය දාන්න පොඩි හේතුවක් තිබුනා. මම දුන්න Mass චිත්‍රපටියේ Jai අරාධිත රංඟනයෙන් දායක වෙනවා දකින්න ඇතිනේ.ඒ වෙලාවේ පොඩි සිදුවිමක් පෙන්වනවා. ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ ඒක කලින් ආව චිත්‍රපටියක දර්ශන කිහිපයක් කියලා. මට ඒ බව මගේ යාළුවෙක් තමයි කිව්වේ. ඉතින් ඒ ෆිල්ම් එක හොයාගෙන බලන්න හදද්දි තමයි පරණ චිත්‍රපටියක් නිසාදෝ එකට උපසිරැසි තිබුනේ නෑ. ඉතින් මං හිතුවා කරලා දෙන්න.

මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ M. Saravanan විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Jai,Anjali,Sharvanand,Ananya දායක වෙනවා.ඔයාලාට Sharvanand මතක ඇති මේ සයිට් එකේම දුන්න JK Enum Nanbanin Vaazhkai චිත්‍රපටියේද ඔහු රංඟනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි බස් රථ දෙකක් අධිවේගි මාර්ගයක අනතුරකට ලක් වෙනවා. මේ අනතුර තමයි මුලින්ම පෙන්වන්නේ. පස්සේ කතාව මේ අනතුර වෙන්න කලින් සිදුවු සිදුවිම් පෙන්වන්න ගන්නවා. ඒ අයගේ කතාවෙන් තමයි චිත්‍රපටිය ගෙතෙන්නේ. කිසිම දෙයක් නොදැන චෙන්නායි නඟරයට ආපු අමුදාට අහම්බෙන් ගෞතම්ව හම්බවෙන්නේ කොහොමද....එතකොට මාස 6ක් තිස්සේ ගැණු ළමයෙක් පස්සෙන් ගියා කදිරේසන් ගේ ජිවිතේට ඒ ගැණු ළමයා ලැබෙන්නේ කොහොමද කියලාත් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. අහම්බෙන් වගේ මේ සේරම මේ අනතුරට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් පුලුවන් වේවි. එහෙනම් තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.