Hijack (2008) සිංහල උපසිරැසි සමගින්



ඔන්න එහෙනම් තවත් ඔයාලා බලලා නැති හොද චිත්‍රපටියක් අරගෙන ආවා.. 2000 - 2010 කාලයේ චිත්‍රපටිවල ජනප්‍රියම නළුවෙක් උන Shiney Ahuja තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඔහුව ගොඩක් දෙනා අදුන ගත්තේ Gangster (2006) චිත්‍රපටියෙන්. පසුව Woh Lamhe,Life in a Metro වැනි චිත්‍රපටිවලින් රසික ජනතාවගේ සිත් වලට ඔහු ඇතුල් වෙන්න සමත් වුනා. මිට අමතරව Esha Deol ද මෙහි රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කියන්න උවමනාවක් නැති වේවි මොකද බැනර් එක දැක්කාමම පේනවානේ පැහැරගැනිමක් ගැන කියලා. 1999 දෙසැම්බර් 24 වැනි සවස 5.30ට ඉන්දියානු ගුවන් යානාවක් වන IC 841 ගුවන් යානාව ත්‍රස්තවාදින් පැහැරගත්තා. මේ නිසා කිපදෙනෙක්ම මරණුවට පත්වුනා. ඒ සිදුවිම අලලා තමයි මේ චිත්‍රපටිය නිශ්පාදනය වෙන්නේ.. ඒ සැබැ කතාවම ටිකක් වෙනස් කරලා. චිත්‍රපටිය ගැන දැනගන්නම ඕනි නම් වැඩි කතාවක් ඕනි නෑ ට්‍රේලර් එක බලන්නකෝ.

මේ චිත්‍රපටියේ 1.1GB කොපිය ගැන කියනවා නම් එකේ හඩ ඔබ පේලේයර් එකේ ධාවනය කරද්දි ඇහෙන්නේ නැත්නම් SETTINGS වලින් පොඩි වෙනස්කමක් කරගන්න වෙනවා. (බොහෝ විට නිවැරැදිව ක්‍රියාකරන්න ඉඩ තියනවා. නමුත් වැඩ කරන්නේ නැතිනම් පමණක් පහත විදියට කරලා බලන්න) මම පාවිච්චි කරන්නේ GOM PLAYER එක නිසා එකේ බලනවා නම් චිත්‍රපටිය ධාවනය කරලා right click කරලා AUDIO - VOICE FILTER වෙත ගිහිල්ලා. DISABLE එක ක්ලික් වෙලා තියනවා නම් ඒක වෙනස් කරගන්න.එතකොට සවුන්ඩ් වැඩ කරාවි. අනික් පේලේයර් වල නම් දන්නේ නෑ. මම පාවිච්චි කරන පේලේයර් එකේ නම් ඔහොම තමයි හදාගන්නේ...ඒ වගේම කියන්න ඕනි ඇත්තටම මේ වගේ පරණ ෆිල්ම් වල සිඩ්ස් තියන ටොරන්ට් හොයාගෙන එන්නම ලොකු කට්ටක් කනවා. ඒ වගේම සමහර විට ඔයාලා මේ වගේ චිත්‍රපටියක් ආවාද කියලාවත් දන්නේ නැතුව ඇති. සමහර අය ඒ නිසාම කියලා එවලා තිබ්බා මේ වගේ නොදන්න ෆිල්ම් දෙනවාට තැගි දෙන්න වටිනවා කියලා.කොහොම හරි තව හින්දි චිත්‍රපටි ටිකක් අරගෙන තියනවා. එවාත් හොද නරක බලලා උපසිරැසි අරගෙන එන්න පොරොන්දු වෙනවා. ඔයාලාත් කැමැති මොනාම හරි අපි නොදන්න චිත්‍රපටි තියනවා නම් මෙතැනින් දන්වන්න. කොහොම හරි ටොරන්ට් එකක් හොයාලා හරි සබ් දෙන්න උපරිම උත්සහා කරන්නම්. ටොරන්ට් වල සීඩ්ස් මදි වගේ දැනෙනවා නම් ඩිරෙක්ට් ලින්ක් පාවිච්චි කරන්න.එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.