Kallappadam (2015) සිංහල උපසිරැසි සමගින්



J. Vadivel ගේ පලවෙනි අධ්‍යක්ෂනය ලෙස තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.මෙහි ප්‍රධාන චරිතය කරන්නේද ඔහු විසින්මයි. චිත්‍රපටියක් හදන්න ගියාම කොච්චර කට්ටක් කන්න වෙනවාද ඒ වගේම චිත්‍රපටි නිශ්පාදක කෙනෙක් හොයාගන්නම මොන තරම් අමාරුවක් විදින්න නවකයෙක්ට සිද්ද වෙනවාද කියලා මේ චිත්‍රපටියෙන් මනාව නිරුපණය වෙනවා. සමහර විට මේ චිත්‍රපටිය මේ අධ්‍යක්ෂගේම අත්දැකිමක්ද දන්නෙත් නෑ... කතාව ගැන කිව්වොත් වඩිවේල් කියන්නේ අධ්‍යක්ෂකවරයෙකු වන්න ට්‍රයි කරන කෙනෙක්.මොහුට තවත් යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අනික් යාලුවා සංගිත අධ්‍යක්ෂනය කරන්න හින මවන කෙනෙක්.අනික් යාළුවා ෆිල්ම් එඩිටර් කෙනෙක්. මේ අයට ඕන කොහොම හරි ෆිල්ම් එකක් කර්න. වඩිවේල් කියන කෙනා තමන් ලියපු පිටපත අරන් නිශපාදකයන්ට පෙන්න පෙන්න යනවා කිසිම සෙතක් නෑ.හැමෝම කියනවා වෙන චිත්‍රපටි පිටපතක් ලියන්න කියලා. නමුත් වඩිවෙල් කියන ප්‍රධානම එක තමයි මේ ඔහු ලියපු පලවෙනි පිටපත. මේක චිත්‍රපටියක් කරන එක ඔහුගේ හීනයක් කියලා. තමන්ගේ යාළුවෝ එක්ක මේ හීනයට යන හැටි තමයි චිත්‍රපටියේ තියෙන්නේ අරන්ම බලන්න. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක විතරක් නෙමෙයි කලින් කිව්ව වඩිවෙල්ගේ යාළුවෝ ලෙස පෙනි ඉන්න හැමදෙනාම තමයි සැබැවටම චිත්‍රපටියේ සංගිතය සංස්කරණය වගේ එවාත් කරලා තියෙන්නේ. ඒ වගේම මොවුන් පෙනි ඉන්නේද සැබැ නම්වලින්ම තමයි. අරන් බලන්න එහෙනම් අනිවාර්යෙන්ම හොද සිනමා අත්දැකිමක් වේවි.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.