Mad Max Fury Road (2015) සිංහල උපසිරැසි සමගින්



කොහොමද සෙට් එකට ඔන්න කාලෙකින් තමයි චිත්‍රපටයක් උපසිරැසි ගැන්වුයේ ඒකත් හැබැයි තනියම නම් නෙවෙයි අපේ අවිඳු සහෝ එක්ක එකතු වෙලා ඉතින් අපි මේ අරගෙන ආපු චිත්‍රපටය ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නැහැ.මේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වෙලා නම් දැන් ටික කාලයක් වෙනවා ඉතින් සිද්ධ උන ප්‍රමාදයටත් සමාව භාජනෙකට දාන්න ඇ.හරි එහෙමනම් වැඩි කතා මොකටද කියලා මේ අරගෙන ආපු චිත්‍රපටය ගැන බලමු.

මේ වසරේ මැයි 15 වෙනිදා තිරගතවීම ආරම්භ කල මේ සලරුව අයත් වෙන්න ක්‍රියාදාම, ත්‍රාසජනක,විද්‍යා ප්‍රබන්ධ ඝනයට,අන්තර්ජාතික චිත්‍රපට වර්ගීකරණයේ 8.4 ක අගයක් රඳවගන්නත් සමත්වෙලා තියෙනවා රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරනකොට ප්‍රධාන චරිත සඳහා පන පොවන්නේ The dark Knight Rises,Warrior,the Drop,This Means War වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Tom Hardy සහ Monsters,Hancock,The Italian Job,Snow White And The Huntsmen,Million Ways to Die In the West වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Charlize Theron චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ටිකක් කතා කරනවා නම් මේ කතාව දිව යන්නේ මනුෂ්‍ය වර්ගයා අභාවයට යන කාලයට කොටින්ම කියනවා නම් මේ කාලයේ ගහක් කොලක් හොයා ගන්නවත් නැහැ ගහක් කොලක් නැහැ කියන්නේ ඉතින් වතුරත් නැහැ කියලා කස්ටිය දන්නවනේ මනුෂ්‍ය වර්ගයාගේ ගුණධර්ම හැමදෙයක්ම අභාවයට ගියපු මේ කාලේදී තමයි ෆියුරියෝසා කියන ගැහැණු ලමයව කුඩා කාලයේදීම තමන්ගේ අම්මගෙන් පැහැරගන්නේ මවගෙන වෙන් උන ෆියුරියෝසා තරුනකාලයට එනකොට ඒ සමාජයේ යුධ වීරවරියක් නමුත් එයාගේ යටි අරමුණ තමයි තමාව කුඩා කාලයේදී පැහැරගෙන ආපු තමන්ගේ සැබෑ නිවස වෙත ආපහු යන එක ඒ යන ගමන තමයි පුරා පැය දෙකක කාලයක් පුරා මේ විදියට දිග ඇරෙන්නේ ඒ වගේම කියන්න ඕන මේක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් එළකිරි ෆිලුමක් කියලා මොකද ආරම්භයේ පටන්ම ක්‍රියාදාම වලින් පිරිලා තියෙන නිසා එහෙමනම් මිට වඩා දෙයක් කියන බලාපොරොත්තුවක් නැහැ චිත්‍රපටයේ ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න ඕන නිසා.තවත් උපසිරසියකින් හමු වෙනකම් හැමෝටම ජය වේවා කියන ගමන් අපි ගියා ඕන්..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් හා අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.