විජේ සේතුපතිගේ Orange Mittai (2015) සිංහල උපසිරැසි සමගින්




ඔන්න ටික දවසකට පස්සෙ තවත් උපසිරැසියක් එක්ක තමයි ඔයාලා හමුවට ආවෙ, මේ වගේ නිර්මාණ බොහොම කළාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ, ඒ නිර්මාන අතලොස්ස අතරට එක්වෙන අලුත්ම සිනමා නිර්මානය තමයි මේ උපසිරැසි ලබාදෙන්නේ, මේක නිකුත් වෙන්නත් කලින් තමයි මේක උපසිරැසි ගන්වන්න ඕනෙ කියලා හිතාගෙන හිටියේ, ඔන්න ඉතින් හිතපු විදියටම වැඩේ සිද්ද වුනා, චිත්‍රපටය ගැන හැදින්වීමක් කරනවනම් දමිළ සිනමාවේ වෙනස් විදියේ නිර්මාන කරන විජේ සේතුපති තමයි මෙහි තිර රචනය, නිශ්පාදනය, වගේම රංගන දායකත්වයත් ලබාදීලා තියෙන්නේ, අධ්‍යක්ශනය සිදු කරලා තියෙන්නේ Biju Viswanath විසින්, රංගනය වෙනුවෙන් Soodhu Kavvum, Pizza, Purampokku වගේ නිමාන වෙනුවෙන් රංගනයෙන් දායක වුන Vijay Sethupathi , Demonte Colony, Kakka Muttai වගේ නිර්මාන වෙනුවෙන් දායක වුන Ramesh Thilak වගේ නළු නිළි රැසය්ක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, Soodhu Kavvum ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්න විදියක් නෑ, මේකත් ඒ වගේම වෙනස්ම කන්සෙප්ට් එකකට ලියවුන කතාවක්, ඒ වගේම Black Comedy එකක්, ඉතින් සිනමා රසික හැමෝටම හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් විදියට ඉහලින්ම නිර්දේෂ කරන්න පුලුවන්, කතාව ගැනත් පොඩි හැදින්වීමක් කරනවනම්, සත්‍යා (Ramesh) කියන්නේ ගිලන් රථ අනුපූරක වෙද්‍යවරයෙක් විදියට වැඩ කරන කෙනෙක්, මෙයාගෙ සහයටත් කෙනෙක් ඉන්නවා, දවසක් සත්‍යාට හෘද රෝගියෙක් රෝහලට අරන් එන්න රාජකාරියක් ලැබෙනවා, ඉතින් දෙන්නත් එක්ක, මේ රෝගියාව එක්කන් එන්න ගියාට මොකද ලෙඩාගෙ ගමට වාහනේකින් යන්න පාරක්වත් නෑ, පයින් හැතැම්ම ගානක් ලෙඩාගෙ ගෙදර හොයාගෙන ගෙදරට ගියාට පස්සෙ, ලෙඩාව හොයාගන්න පුලුවන් වෙනවා, හාට් ඇටෑක් එකක් හැදුනට මොකද ලෙඩා හොද යහතින් ඉන්නවා, අනික ලෙඩා අවුරුදු 55ක කෙනෙක්, පෙනුමින් හොදින් හිටියට මෙයා හෘදයාබාධයක් හැදුන කෙනෙක්නේ, ඒක නිසා ලෙඩාව රෝහලට අරගෙන යන්න රමේශ්ඨ සිද්ද වෙනවා, ඒවගේම රමේශ් යාලු වෙලා ඉන්න ගෑනු ළමයගෙ තාත්තා නැත්තම් මාමන්ඩි මෙයාට කොන්දේසියක් දානවා දුවව විවාහ කරගන්න නම්, ගිලන් රථ රස්සාවෙන් අයින් වෙලා එයාගෙ ව්‍යාපාර වලට සම්බන්ද වෙන්න කියලා, ගිලන් රථ රස්සාවට ගොඩක් ආදරේ කරන රමේශ් ඒකට ගොඩක් කනාගාටුවෙන් ඉන්නේ, ඉතින් මේ කතා කොහොමද එකට සම්බන්ද වෙන්නේ කියලා, චිත්‍රපටය නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, අමතක කරන්න එපා මේක Black Comedy ෆිල්ම් එකක් කියන එක, බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් කතාවක් තියෙන්නේ, එහෙනම් තවත් උපසිරැසියක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.