The Whistleblower (2010) සිංහල උපසිරැසි සමගින්



2010 වසරේ තිරඟත විම ආරම්භ කල මේ චිත්‍රපටිය 1999දි සිදුවු සත්‍ය සිදුවිමක් අලලා කල නිර්මාණයකි.මෙහි ප්‍රධන චරිත ලෙස Rachel Weisz රංඟනයෙන් දායන වෙන අතර. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Larysa Kondracki විසිනි. IMDB හි 7.2ක අඟයක් ලබාගැනිමට මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා.ඒ වගේම Action, Biography, Crime යන වර්ඟිකරණ යටතේ චිත්‍රපටිය දක්වා ඇත.

කතාව ගැන කියනවා නම් කැති කියන්නේ පොලිස් නිලධාරිණියක්. ඇයට මේ පොලිස් රස්සාව නිසාම විවාහයෙනුත් වෙන් වෙලා තමයි ඉන්නේ. ඇයට ලොකු දුවෙක් පවා ඉන්නවා. කොහොම හරි ඇයගේ කලින් සැමියා හා ඇයගේ දුව වෙනත් පලාතක පදිංචියට යනවා. ඇය පොලිසියෙන් ඒ පලාතට ස්ථාන මාරුවක් ඉල්ලුවත් ඇයට ඒක ලැබෙන්නේ නෑ. ඒ වගේම වෙන පලාතක ගිහින් පදිංචි වෙන්න තරම් ඇයට ලොකු මුදලකුත් නෑ. මෙහෙම ඉද්දි තමයි කැතිගේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක කැතිට පොඩි යෝජනාවක් කරන්නේ.බොස්නියාවේ ඇතිවු යුද්ධයෙන් පසු ඇමරිකාවෙන් යවන සාම සාධක හමුදාවට ඇයටත් සම්බන්ධ වෙන්න කියලා. මේ සාමසාධක හමුදාවේ මාස 6ක් සේවය කරලා ආවොත් ඩොලර් ලක්ෂයක් පමණ එක්කෙනෙක්ට ගෙවන බවත් ඔහු පවසනවා. කැති දෙපාරක් නොහිතාම ඒ වැඩේ අවදානම් උනත් බාරගන්නවා. ඇය ගිහින් මාස දෙක තුනක් යද්දිම ගෘහස්ථ හිංසනයට ලක්වු කාන්තාවකට නිතියේ පිහිට ලබාදෙමින් ඇයව බේරගන්නවා. කවුරුත් ඒ රටේ කාන්තාවන්ට වෙන අසාධාරණය වෙනුවෙන් කතා කරන්නේ නෑ. ඉතින් කැති බය නැතුව මේ ගැන කතා කිරිම නිසාම ඇය ලොකු අවධානයක් දිනා ගන්නවා. මේ කාරණාව නිසාම ඇයට එරට මානව සම්පත් කලමනාකරණ ආයතනයේ ප්‍රධානි තනතුරත් ලැබෙනවා. කාලය ගෙවිලා යද්දි එක් දිනක් එම රටේ පොලිසියට කැලැවක ඉදලා ගැණු ළමයි දෙන්නෙක් හම්බවෙනවා.ඒ දෙන්නාම හොදටම තුවාල වෙලා ඉන්නේ. කැතී මේ ගැණු ළමයි දෙන්නාම හම්බවෙනවා. ඇය මේ අයගෙන් දැනගන්න තොරතුරු අනුව දැන ගන්නවා එරට මහා පරිමාණ කාන්තා ජවාරමක් සිදුවෙන බව. ඇය මේ ගැන හොයන්න සිතාගන්නවා. නමුත් මේ ඇය අත ගහන පරික්ෂණය නිසා කිපදෙනෙක්ටම ජිවිත වලට සමු දෙන්න වෙනවා. ඒ වගේම ඇය මේ හොයන් යන පාර කවදාවත් ඇය කිසි දිනකින් හිතපු නැති මාවතකින් කෙලවර වෙනවා. ඒ ගැන දැනගන්න චිත්‍රපටිය ඔබට නරඔන්න වෙනවා.

ලෝකයේ දැනටත් මිලියන 2.5කට වඩා මිනිස් ජවාරම් වල ගොදුරු වෙලා තියනවා. ඒ අතරින් ලොකු ප්‍රතිශතයක් ගන්නේ කාන්තාවන් ලිංගික මෙහෙකාරකම් වලට අලෙවි කිරිම සම්බන්ධයෙන්. ගොඩක් වෙලාවට මේ එන ගැණු ළමයින්ව රවට්ටලා තමයි මේ වගේ සේවාවන් වලට යොමු කරන්නේ. ඒ ගැන චිත්‍රපටියේ ලොකු පැහැදිලි කිරිමක් කරනවා. ඒ වගේම මෙය සැබැම කතාවක් නිසා ඔබ මෙය අනිවාර්යෙන් නරඔන ගොන්නට එක්කර ගන්න.ඇත්තටම කැති මහත් වෙහෙසක් දරනවා මේ ගැණු ළමයින්ව රැක ගන්න නමුත් අවසානයේ ඇය හුදකලා සටනක නිරත වෙනවා. ඒ වෙලාවේ ඇයව හැමෝම අසරණ කරන විදිය දැක්කාම ඇත්තටම අනික් අය ගැන චිත්‍රපටිය බලන ඔබටත් තරහාක් එවි. ටිකක් දරුණු වචනත් ඒ අතර දැන් වලට භාවිතා කලා උපසිරැසි ගැන්විමේදි. මම හිතන්නේ ඒක ගැටළුවක් වෙන එකක් නෑ. කොහොම හරි කියන්න තියෙන්නේ ඔබ බලන්න වටින චිත්‍රපටියක් බව කියන්නම ඕන. එහෙනම් තවත් නිර්මාණයකින් හමුවන තුරු සුභදවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.