A Lonely Place to Die (2011) සිංහල උපසිරැසි



ඔන්න තවත් ත්‍රීලර් වර්ගීකරණයට වැටෙන හොද චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මේකත් 2011 වසරේ තිරඟත වුවක්. මට සූම් සයිට් එකේ Code#M විසින් හොදම රේටින් ගත්ත 2011 ලිස්ට් එකක් එදා කමෙන්ට් වල දාලා තිබ්බා. ඉතින් එකෙන් තොරගත්ත චිත්‍ර‍පටියක් තමයි මේ. ඒ ලිස්ට් එකේ තව ෆිල්ම් දෙක තුනක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා. මේ වගේ ඔයාලා කැමැති ෆිල්ම් තියනවා නම් කියන්න පුලුවන් විදියට දෙන්නම්.

චිත්‍ර‍පටිය ගැන කියනවා නම් Melissa George මෙහි ප්‍ර‍ාධාන චරිතය නිරුපණය කරනවා. ඇය ඉංග්‍රිසි චිත්‍ර‍පටි බලන ඔයාලාට අමුත්තියක් නෙමෙයි. රොබ්,එඩ්,ඇලිසන්, ඇලෙක්ස්,ජෙනි මේ පස්දෙනා කදු තරණය කරන අය. මේ අය මේ නිවාඩු කාලයේත් කන්දක් තරණය කරන්න යනවා. මෙහෙම ගමන් ගන්න අතරතුරදි මෙයාලට කවුරු හරි කෑ ගහන සද්දයක් කැලේ අස්සෙන් ඇහෙන්න ගන්නවා. මේ අය විපරම් කරලා බැලුවාම පොළව යට හිර කරලා තියාගෙන ඉන්න ගැණු ළමයෙක්ව හම්බවෙනවා. මේ අය ඒ දරුවාව බේරගන්නවා. නමුත් මේකත් එක්කම මේ අයට දැනෙනවා මේ ළමයාව වලදාපු අය නැවතත් මෙතැනට ආවොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන් කියලා. කොහොම හරි මේ අය මේ කරපු දේ නිසා ජිවිත ලොකු ගාණකට වන්දි ගෙවන්න වෙනවා. ත්‍රීලර් කතා පැහැදිලි කලොත් අඟයක් නැති නිසා අරගෙනම බලන්න. මට ෆිල්ම් එක බලද්දි හිතුනේ අහක අය කේස් වලට අත දැම්මාම අන්තිමට අපිටමයි විහින් නැහෙන්න වෙන්නේ කියලා. බලන්නකෝ ඔයාලාත් අරන් මේ චිත්‍ර‍පටිය. ගිහින් එන්නම් තවත් හොද නිර්මාණයක් අරන්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.