Anukshanam (2015) සිංහල උපසිරැසි සමග



ඔන්න එහෙනම් ටිකක් වෙනස් විදිහක චිත්‍රපටියක් අරගෙන ආවා.වෙනස් කිව්වේ මේ චිත්‍රපටියේ හැම තැනකම වගේ මරණවා,මැරුවා කියන වචනය භාවිතා වෙනවා.මොකද මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ මානසික රෝගයක් නිසා මිනී මරණ කෙනෙක් ගැන.ඒ කියන්නේ පිස්සෙක් ගැන.ඔයාලට බලපුවහම තේරෙයි ඒකට තියන්නේ මොන වගේ ලෙඩක්ද කියලා.

මේ චිත්‍රපටියේ ඉන්න නළු නිළියන් වැඩිය දැකලා පුරුදු කට්ටිය නම් නෙමේ.තෙළිගු චිත්‍රපටි ගොඩක් බලන කට්ටිය නම් මේ සෙට් එක දන්නවත් ඇති.වැඩිය දැකලා පුරුදු නෑ කියලා මෙයාලගෙන් චරිත වලට කිසිම අසාධාරණයක් නම් වෙලා නෑ.කථාව ගැන ටිකක් කියනවා නම් සීතා රාම් කියන්නේ පොඩි කාලේ ඉදන්ම මානසික රෝගයකින් පෙලෙන කෙනෙක්.මොහු ගොඩක්ම කැමති තමන් ආදරය කරන කට්ටියව මරන්න.ඒ ඔහුට මිනිස්සු මරද්දි සතුටක් දැනෙන හින්දා.සාහසික විදිහට මිනිස්සු මරන්න මරන්න මොහුට ලොකු සතුටක් දැනෙනවා.මොහු පොඩිකාලේ ගෙදර ඇති කරන බල්ලව කපලා මරනවා.ඒ වගේම ටිකෙන් ටික ලොකු වෙද්දී එයාගේ හොදම යාළුවාවත්, අල්ලපු ගෙදර ඉන්න කාන්තාවවත්, ඔහුගෙම බිරිදවත් මරලා දානවා.ඊට පස්සේ මොහු නගරයේ ඉන්න කාන්තාවන්ව මරන්න ගන්නවා.එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ තරුණ ගැහැණු ළමයින් 37 දෙනෙකුවම මොහු ඔහුගේ තෘප්තිය එහෙම නැත්නම් සතුට වෙනුවෙන් මරලා දානවා.මේ හැම ගෑණු ළමයෙක්වම එකිනෙකාට වෙනස් කුරිරු විදිහට බෙලි අත පය කපලා තමයි මොහු මරන්නේ.මේ මානසික රෝගියාව අල්ලන්න පොලීසිය දරන උත්සහාය තමයි මේ චිත්‍රපටිය පුරාවටම තියන්නේ.පොලීසියට මොහුව අල්ලගන්න හැකි වෙයිද කියලා ඔයාලම බාගෙන බලන්න.මානසික රෝගියෙක් කියලා පොලීසියට මොහුව අල්ලන එක නම් එච්චර ලේසි වෙන්නේ නෑ.

මේ චිත්‍රපටියේ එක තැනකදි මේ මානසික රෝගියාව පොඩි ළමයින්ට සමාන කරනවා.ඒකට හේතුව පොඩි ළමයිනුත් කුඩා කාලයේ සත්තු මැරෙනවා දකින්න ආස හින්දා.පොඩි ළමයින් කෘමීන්ව අල්ලලා ඉටිපන්දම් එළියට පුච්චලා මරනවා.ඒකෙන් ඔවුන්ට යම් සතුටක් දැනෙනවා.ඒ වගේම සමනල්ලුන්ව අල්ලනවා. බත්තූරන්ගේ ඇගේ නූල් ගැට ගහලා අරිනවා.විවිද සත්තුන්ව අල්ලලා සටන් කරන්න දාලා ඔවුන්ගෙන් පරිදින කෙනා මැරෙනවා දැකලා සතුටු වෙනවා.මෙහෙම අපේ පොඩි කාලෙදිත් වෙලා තියනවද ? කියලා පොඩ්ඩක් හදවතට තට්ටු කරලා අහලා බලන්න.දැන් තමන්ටත් මානසික රෝගයක් තියනවා කියලා හිතන්න එපා.පොඩි කාලෙදි මෙහෙම දේවල් වෙන්නේ සමාජය සංස්කෘතිය ගැන කිසිම දැනීමක් නැති හින්දයි.නමුත් වයසින් මෝරද්දී සංස්කෘතික හා ආගමික පසුබිම හින්දා මේ වගේ ආකල්ප අපේ හිත් වලින් තුරන් වෙනවා.එතකොට තමයි ඌ පව්,ගහන්න එපා,මරන්න එපා කියලා අපි කියන්න ගන්නේ.නමුත් මානසික රෝගීන් එහෙම වෙන්නේ නෑ.ඔවුන් වයසින් මේරුවත් ඔහුන්ගේ හැගීම් බාල මට්ටමේ තියන්නේ.ඒ කියන්නේ ඒ වගේ අය හිටපු තැනමයි ඉන්නේ.ඔයාලා මේ චිත්‍රපටිය බැළුවහම තේරෙයි මානසික රෝගියෙක් මොන තරම් භයානක වෙන්න පුළුවන්ද කියලා.මේ චිත්‍රපටිය ටිකක් ආසාවෙන් කරපු එකක්.මොකද මනෝ විද්‍යාව කියන්නේ පට්ට විශයක්.කරපු කට්ටිය දන්නවා ඇති.මමත් එහෙන් මෙහෙන් ඇහිදගෙන තමයි ටිකක් දැන ගත්තේ. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බෙනකම් ඔබට ජය!!!!
ඔන්න සුපුනෝ කිව්ව වෙලාවටම සබ දුන්නා ඈ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සූලාන් සම්පත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.