Dil Dhadakne Do (2015) සිංහල උපසිරැසි සමග



කොහොමද සෙට් එකට ඔන්න Zoya Akthar ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ උන හින්දි චිත්‍රපටයක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.මේ චිත්‍රපටයත් හැම කෙනෙක්ම එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටයක් නිසාත් චිත්‍රපටය අරගෙන එන්න තරමක් ප්‍රමාද උන නිසාත් වැඩි වැල්වටාරම් නැතුව කතාවට බහිමු.

කෙනෙක්ගෙන් ඇහුවොත් තමන්ට මේ ලෝකේ වටිනාම දේ මොකද්ද කියල හැම කෙනෙක්ම වගේ කියාවි තමන්ගේ පවුල කියලා එත් ඉතින් හැම පවුලකම පොඩි පොඩි අප්සට් තියෙනවනේ ඉතින් මේ කතාවත් දිග හැරෙන්නේ අන්න ඒ විදියේ පවුලක් වටා තමයි කතාව ගැන ලොකු විස්තර කිරීමක් කරන්න නම් අදහසක් නැහැ 6.9 IMDB අගයක් ලබා ගන්න සමත් උන කෝටි 100 ට වැඩි ආදායමක් උපයමින් ලොව පුරා තිරගතවන නාට්‍යමය,ආදර කතා වර්ගිකරනයට අයත් වෙන මේ ලස්සන චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.ඒ වගේම මේ චිත්‍රපටයට Anil Kapoor,priyanka chopra,Ranveer Singh,anushka sharma යන නළු නිලියනුත් රංගනයෙන් දායක වෙන අතර හඬකැවීම මගින් Aamir Khan නුත් දායක වෙලා තියෙනව.එහෙමනම් තවත් උපසිරසියකින් හමුවෙනකම් සැමටම ජය.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.