Hero (2015) සිංහල උපසිරැසි සමගින්



Subhash Ghai විසින් 1983දි නිපදවන ලද හිරෝ චිත්‍ර‍පටියේ නවතම රිමේක් එකයි මේ ගෙන ආවේ.මේ චිත්‍ර‍පටියේ විශේෂයක් තියනවා ඒ නම් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිලිය හා ප්‍ර‍ධාන නළුවා චරිත දෙකම රඟපාන්නේ ඉන්දිය සිනමාවේ කලක ප්‍ර‍සිද්ධව සිටි නළුවන් දෙදෙනෙකුගේ දරුවන් දෙන්නෙක්. ප්‍ර‍ධාන නළුවා ලෙස Aditya Pancholi පුත් Sooraj Pancholi ප්‍ර‍ධාන නිළියගේ චරිතය වෙනුවෙන් Sunil Shetty ගේ දුව වන Athiya Shetty රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Nikhil Advani විසිනි. චිත්‍ර‍පටියේ ගිත ගායනය හා චිත්‍ර‍පටියට බර පැන දරන්නේ අපි කවුරුත් දන්න Salman Khan විසිනි.2015 සැප්තැම්බර් 11 වැනිදා මේ චිත්‍ර‍පටිය ලොව පුරා විකාශනය විම ආරම්භ කල අතර. දැනටත් සිනමා ශාලා වල තිරඟත වනවා.කතාව ගැන කියනවා නම් සුරාජ් කියන්නේ මොම්බායි නඟරයේ ඉන්න මැරයෙක්. ඔහුට පාටි එකකදි රාධාව මුණ ගැහෙනවා. ඇය මුම්බායේ ප්‍ර‍ධාන පොලිස්පරික්ෂක වරයාගේ දියණියයි. සුරාජ් ගේ තාත්තා Pasha විසින් මේ පොලිස් පරික්ෂ වරයාගේ දියණිය වන රාධාව පැහැරගන්නවා.. මේ ආරංචිය නඟරය පුරා පැතිරයනවා වගේම මුළු පොලිසියම සිරුවෙන් තබනවා. නමුත් මේ පැහැර ගත් රාධා හා සුරාජ් අතර කෙමෙන් කෙමෙන් ආදරයක් හටගන්නවා. පස්සේ වෙන දේවල් ඔයාලම අරගෙන බලන්න.

මේ දිලා තියෙන්නේ ස්ක්‍රිනර් වර්ඟයේ පිටපතක් එහි රුපරාමු 1 2 3 මෙතැනින් පරික්ෂා කරලා බලන්න. හොද පිටපතක් ආවාම උපසිරැසි නැවත යාවත්කාලින කරන බවට පොරොන්දුවෙමින් සමුගන්නවා එහෙනම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.