Phone Booth (2002) සිංහල උපසිරැසි සමග



ටිවි සිරිස් එක කරන අතර වාරයේ ඔන්න ෆිල්ම් එකක් දාන්න ඕනි කියලා හිතුනා. මේක කිප දෙනෙක්ම උපසිරැසි ඉල්ලලා තිබ්බ චිත්‍ර‍පටියක් කියලා තමයි දැනගන්න ලැබුනේ. මේ චිත්‍ර‍පටිය කොච්චර ජනප්‍රිය උනාද කියන්නේ මේ විදියටම හින්දි චිත්‍ර‍පටියකුත් නිර්මාණය උනා Knock Out කියලා. මමත් මුලින්ම මෙහි හින්දි චිත්‍ර‍පටිය තමයි නැරබුවේ. හැබැයි මුලික නිර්මාණය ලෙස මේ ඉංග්‍රිසි චිත්‍ර‍පටිය හොද මට්ටමක තියනවා.

මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. මේ කාලේවෙද්දි තමයි ජංගම දුරකථන ලොව පුරා වැඩිම වශයෙන් ව්‍යාප්ත වෙන්න ගන්නේ. ඉතින් අර පාරේ හයිකරලා තිබ්බ ටෙලිෆොන් බූත් ගනන ඝීග්‍රයෙන් අඩුවෙන්න පටන්ගන්නවා ඒ කට්ටියටම සෙල්ෆොන් තියන නිසා ඉතින් එවාගේ ලොකු අවශ්‍යතාවයක් නොමැති නිසා. නිව්යොර්ක් නගරයේ මධ්‍යයේ මේ වගේ දුරකථන කුටියක් තියනවා. මේක ගලවා ඉවත් කරන්න තමයි සුදානම් කරලා තියෙන්නේ. ඊට පෙර දිනයේ තමයි මේ චිත්‍ර‍පටියට පාධක වන කතාව සිද්දවෙන්නේ. මේ කතාවේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ Total Recall හා True Detective හි ප්‍ර‍ධාන චරිත කරන Colin Farrell විසින්. එතකොට මේ කතාවේ රහස් චරිතයක් තියනවා. එයා අපි කවුරුත් දන්න කෙනෙක්. ඒ කවුද කියලා බලන්න කටහඩින් හදුනගන්න පුලුවන් වේවිද කියලා.මීට අමතරව Radha Mitchell හා Katie Holmes ප්‍ර‍ධාන නිලියන්ගේ චරිතවලට පන පොවනවා. එතකොට ගොඩක් චිත්‍ර‍පටිවල දක්ෂ පොලිස් පරික්ෂක චරිතයටම පන පොවන Forest Whitaker විසින් මේ චිත්‍ර‍පටියේද එවැනිම චරිතයකට දායක වනවා.

කතාව ගැන කියනවා නම් ස්ටූ ෂෙපර්ඩ් කියන්නේ අංක එකේ කපටියෙක්. මිනිස්සුන්ව රවට්ටන්න ඔහු තරම් දක්ෂ කෙනෙක් නැ. ස්ටු විවාහ වෙලා ඉන්නේ කෙලී එක්ක. නමුත් ස්ටූ ඇයට හොර රහසේ තවත් ගැණු ළමයෙක් එක්ක කතා කරනවා. ඇය නමින් පැම්ලා. ඇය දන්නේ නෑ ස්ටූ කසාද බැදලා කියලාවත්. ස්ටූ කෙලිට හොරෙන් තමයි පැම්ලාට කතා කරන්නේ. කෙලිට අහුවෙන්නේ නැති වෙන්න ඔහු පාරේ තියන දුරකථන කුටියකින් තමයි පැම්ලාට කතා කරන්නේ. දවසක් ස්ටූ මේ විදියට කොල් එකක් ගන්න දුරකථන කුටියකට යනවා. ඔහු පැම්ලාට කතා කරලා ඇයව හොටෙල් එකකදි හම්බවෙන්න පොරොන්දු කරගෙන දුරකථනය තියනවා. මේ මොහෝතේම මේ දුරකථන කුටියේ දුරකථනය නාද වෙනවා. ස්ටූ ෆොන් එක ගන්නවා...නමුත් ඔහු මේ ගත්ත කොල් එක තමන්ගේ ජිවිතේ කරපු ලොකුම වරද බව තේරුම් යද්දි පරක්කු වැඩියි.....කතාව අරගෙනම බලන්නකෝ...

''ඔයාට ඇහෙනවා ෆොන් එක වදිනවා ඒ කවුරුම හරි වෙන්න පුලුවන්..එත් ෆොන් එක නාද වෙනවා නම් ඒ කොල් එක ගන්නම වෙනවා නේද?
එහෙමනේ?''


අලුත් චිත්‍ර‍පටියකින් ඉක්මනින්ම හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.