The Host (2006) සිංහල උපසිරැසි සමග



හොඳයි ඔන්න මම අද අරන් ආවේ මම ගොඩ කාලයක් තිස්සේ අරන් එන්න බලාපොරොත්තු වෙච්ච ඒත් බැරි වෙච්ච කොරියානු චිත්‍රපටක් කොහොම හරි අන්තිමට මේක මම අරන් ආව. මේ චිත්‍රපටය නිකුත් වුනේ නම් 2006 වසරේදි මෙයි ඉංග්‍රිසි නම නම් The Host ඒත් මෙහි කොරුයානු නම "ගෙමුල්" එහි තේරුම ""රාක්ෂයා යන්න. මේක ටිකක් පරණ උණාට මේක තාම ගොඩක් අයගේ හිතේ රැඳිච්ච හොඳ චිත්‍රපටයක් කියන්න පුලුවන් මෙය IMDb 7.0 වගේ අගයක් අරන් තියනවා. මේක ඒ වගේම කොරියාව තුල බොක්ස් ඔපිස් වාර්තා තියපු එකක් කියන එකත් කියන්න ඕනේ. මේ කතාව ගැන පොඩි හැඳින්වමක කරනවා නම් වර්ශ 2000 දි කොරියාවේ යොංසාන් වල පිහිටි ඇමරිකානු හමුඳා කඳවරුක මෘත ශරීරාගාරයකින් ෆෝමැල්ඩේහයිඩ් විශාල ප්‍රමාණයක් විධිමත් නොවන විදියට ඉවත් කරනවා එහි මෙම සියලුම ෆෝමැල්ඩේහයිඩ් එකතු වෙන්නෙ කොරියාවේ ප්‍රධාන ගඟාව හා ප්‍රධාන නගරය වෙන සෝල් ආසන්නයේම තියන හන් ගඟටයි. මේ එකතු වෙච්ච විෂ රසායනික ද්‍රව්‍ය නිසා විකෘති වෙච්ච යම් සතෙක් උපදිනවා මේ සතා වැඩි කල් නොයන්නම් බිහිසුණු ලේ පිපාසිතයෙක් බවට පත් වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිත තමයි පාක් පවුල මෙයාල ජිවත් වෙන්නෙ හන් ගඟ ගාව කඩයක් දාගෙන මේ පවුලේ වැඩි මහල් පුතා තමයි ගං-දු කියන්නේ එයාට ඉන්නව යොං-සෝ කියන දුවෙක් මේ කාලය 2006 වසර එක් දිනක කවුරුත් නොසිතපු විදියට හන් ග‍‍ඟේන් මතු වෙන මේ සතා ගඟ අසබඩ ඒ වෙලාවේ ඉන්න ගොඩක් අය මරා දානවා ඒ වගේම යොං-සෝවත් ඩැහගෙන යනවා. ඒත් එක්කම රජය මේ ප්‍රහාරයට ලක් වෙච්ච සියළුම දෙනා හුදකලා කරනවා යම් වෛරසයක් පැතිර යැමක් ගැන අවධානමක් එන නිසා මේ සතාගෙන් ආසදනය වුනා යයි කියන. පාක් පවුලේ අය හිතන් ඉන්නේ යොං-සෝ මැරිලා කියලා ඒත් එදිනම රැ ගං-දුට ඇමතුමක් ලැබෙනවා ඒ යොං-සෝ ගෙන් එයා කාණුවක හිර වෙලා ඉන්නවා එයාව බේර ගන්න කියලා එයා තාත්තට කියනවා මේ පාක් පවුල තමන්ගේ ආදරණිය දුව බේර ගන්න දරන වැයම සාර්ථක වෙයිද ඒ සතාට කොහොම මුහුණ දෙයිද කියලා ඔයාලම බලන්න. මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන් පොඩ්ඩක් පරණ උනාට. එහෙනම් මේ වගේ තවත් හොඳ නිර්මාණයකින් හමු වෙමු. මේක බලලා අදහසක් දාල යන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.