Arbitrage [2012] Sinhala Subtitles




විශිෂ්ඨ චිත්‍රපටි නිරන්තුරුව ඔබ වෙතට රැගෙන එන සුම් අප විසින් තවත් එවැනිම නිර්මාණයක් ඔබට දෙන්න හදන්නේ.මේකෙත් ලයින් ගොඩාක් තිබ්බ නිසා මම අපේ තාරකව මේකට හවුල්කරගත්තා.අපි දෙන්නම එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය උපසිරැසි එක්ක ඔබට ගෙන එන්න හිතුවේ..

මේ ලෝකෙ මිනිස්සුන්ට බලපාන ලොකුම කාරණාවක්නෙ මුදල් කියන්නෙ.සල්ලි නිසා කොච්චර හොඳ දේවල් වගේම කොච්චර නරක දේවල් පවා ලෝකෙ සිද්ධ වෙනවද.කතාවක් තියෙනවනෙ සල්ලි අඩු තැන ආදරේ තියෙනව සැනසීම තියෙනව කියල.මම හිතන්නෙ ඒ කතාව ඇත්ත. මිනිස්සුන්ට සල්ලි ගොඩක් ලැබුනම ගොඩක් වැරදි දේවල් වලට එයාල යොමුවෙනවා. නමුත් සල්ලි තියෙන තාක් කල් හැමදේම විසඳන්න පුළුවන් බලයකුත් මේ ලෝකෙ තියෙනවා.මේ කතාවත් වැඩිපුරම සල්ලි හා සම්බන්ධයි. මේකෙ කතා නායකයා රොබට් මිලර්(සුප්‍රසිද්ධ නළු රිචඩ් ගේරි) කියන්නෙ මහන්සිවෙලා ලබපු දියුණුව නිසා කෙටි කාලෙකින් ලොකු ධනපතියෙක් වුනු කෙනෙක්.මෙයාට සමාගම් කීපයකම අයිතිය පැවරී තියෙනවා.නමුත්,කාටත ් වගේ සල්ලි ලැබෙන්න ලැබෙන්න මේ කෙනාත් ගොඩක් ආස වෙනවා. ඒ නිසාමයි ඔහු තවත් වැඩකට අතගහන්නෙ.නමුත් ඒ පටන් ගන්න දෙයින් මිලර්ට සිද්ධ වෙන්නෙ තමන් කවදාවත් හිතපු නැති විදියෙ තත්වයක්.මිලර්ගෙ අතින් කිසිදාක හදන්න බැරි වරදක් සිද්ධ වෙනවා, නමුත් ඒ වරදට මිලර් වැරදිකාරයා වෙනවද? නැත්නම් කවුද ඒවාට වන්දි ගෙවන්නෙ?
සල්ලිවලට හැමදේම කරන්න පුළුවන් වුනාට, සල්ලිකාරයෙක් වුනත් අසරණ වුනාම මනුස්සකම දන්න මිනිස්සුන්ගෙ උදව් ඕන වෙනවා.මිලර්ට උදව් වෙන්න කෙනෙක් ඉදිරිපත් වෙයිද? ලෝක ප්‍රසිද්ධ චරිතයක් වූ ඔහුට කුමක් සිදුවෙයිද? මේ හැමදේම මට දැන් කියන්න බෑ. කතාව අරගෙනම බලන්න.

මේ කතාව මං බලපු වෙනස්ම විදියෙ එකක් වගේම,මේකෙ ඇතුලත් සමහර සිදුවීම් මං දන්න කියන මිනිස්සුන්ට පවා වෙලා තියෙන දේවල්.හිතට දෙයක් ගන්න පුලුවන් හොඳ නිර්මාණයක් හැටියටයි මං මේක දකින්නෙ.ඒකයි මිනිස්සු මේකට මේ තරම් හොඳ ප්‍රතිචාර දීලා තියෙන්නෙ.6.8ක්ම අන්තිමේ එක දෙයක් කියන්න කැමතියි. කොච්චර සල්ලි ලැබුනත් ආදරේ නැත්නම් මිනිස්සුන්ට පැවැත්මක් නෑ.
ඒ නිසා තමන්ට තියෙන තරමින් සතුටු වෙලා ජීවත්වෙමු.තවත් උපසිරැසි නිර්මාණයක් සමඟින් ලඟදීම හමුවෙමු..


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) සමඟ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.