Vaada (2005) සිංහල උපසිරැසි සමඟ.



ත්‍රිලර් චිත්‍රපට වලට කැමති අය වෙනුවෙන් මේ චිත්‍රපටයත් උපසිරැසි ගන්වලා දුන්නොත් හොඳයි කියලා හිතුනා. 2005 වර්ෂ‍යේ ජනවාරි මස 7 වෙනි දින තිරගත කිරීම අරඹපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ බොලිවුඩ් රසිකයන් අතර ‍බොහෝ ජනප්‍රිය වුනු Tere Naam (2003)චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සතිෂ් කෝෂික්. අර්ජුන් රාම්පාල්, අමීෂා පටේල්, සයීඩ් ඛාන් වැනි ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය එක හුස්මට නරඹලා අහවර කරන්න පුලුවන් මට්ටමේ රසවත් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය නරඹන ඔබට පැය 2ක් පුරාවටම කුතුහලයෙන් පිරුණු හොඳ ගලා යාමක් සහිත සිනමා නිර්මාණයක් රසවිඳින්නට හැකි වෙනු ඇති බවට සහතික වෙන්න පුලුවන්.

චිත්‍රපටය ආරම්භ වෙන්නේ පූජා (අමීෂා පටේල්) ගෙල වැල ලාගෙන මිය යාමේ සිද්දියෙන්. පූජාගේ සැමියා රාහුල්ගේ (අර්ජුන් රාම්පාල්)දෑසම අන්ධයි. උදෑසන අවධි වී නිවස පුරා පූජාව සොයද්දි රාහුල්ට දැනගන්නට ලැබෙනවා පූජා ගෙල වැල ලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව. පූජා ගෙල වැල ලාගෙන මිය ගොස් සිටින දර්ශණය පළමුවෙන්ම දකින්න ලැබෙන්නේ උදෑසනම රාහුල්ගේ නිවසට පැමිණෙන ඔහුගේ මිත්‍රයා වන කරන්ට(සයීඩ් ඛාන්). කරන් කියන්නේ රාහුල්ගේ හොඳම මිත්‍රයා වගේම ව්‍යාපාරික හවුල්කරුවා. පූජාගේ මරණයෙන් රාහුල් වගේම කරන්ද මහත්සේ කම්පනයට පත් වෙනවා. තමාට මහත් සේ ආදරය කළ තමන්ගේ බිරිඳගේ අකල් වෙන් වීම රාහුල්ට දරා ගත නොහැකි වේදනවාවක් වෙනවා.

පසුව පොලීසියේ මැදිහත්වීම මත මරණ පරීක්ෂණය සඳහා ගෙන යන පූජාගේ දේහය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබනවා. නමුත් සිදුවන්නේ කිසිවෙක් නොසිතූ දෙයක්.මරණ පරීක්ෂණය සිදු කිරීමටත් පෙර පූජාගේ දේහය මෘත ශරීරාගාරයෙන් අතුරුදහන් වෙනවා. ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේ සහ රෝහල් කාර්ය මණ්ලයයේ කණින් රිංගා කිසිවෙකු විසින් පූජාගේ දේහය පැහැරගෙන ගොස් ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ. මුලින් පූජාගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙසට පෙනෙන්නට තිබුණත් මෙම සිදුවීමත් සමගින් එය මිනීමැරුමක් බවට පොලීසිය විසින් සැක පහළ කරනවා. තමාත් සමගින් ඉතාමත් සෙහෙසින් සහ සමගියෙන් ජීවත් වූ තමාගේ ආරදණීය බිරිඳට සියදිවි නසාගැනීමට තරම් හේතුවක් නොතිබුණ බැවින් රාහුල්ද මෙය මිනීමැරුමක් බවට සැක කරන්නට පටන් ගන්නවා.පොලීසිය ඝාතකයා සොයා පරීක්ෂණ ආරම්භ කරනවා. රාහුල්ගේ නිවසේ සේවය කරන ඇලෙක්ස් සහ රාහුල්ගේ මිත්‍රයා කරන් ප්‍රධානම සැකකරුවන් බවට පත් වෙනවා. මෙතනින් එහාට චිත්‍රපටියේ ගොඩාක් දේවල් වෙනවා. මම විස්තර කළේ මුල් විනාඩි 20ක විතර කාලය ඇතුළත සිදු වෙන සිදූවීම් පමණයි. පූජාගේ මරණය ඇත්තටම සියදිවි නසාගැනීමක්ද නැත්නම් ඇයව කවුරුන් හෝ ඝාතනය කළාද? සියදිවි නසාගැනීමක් නම් ඊට හේතුව මොකක්ද? ඝාතනයක් නම් ඝාතනය කළේ කවුද හේතුව මොකක්ද? රාහුල් දෘශ්‍යාබාධිතයෙක් වුනේ කොහොමද? ප්‍රශ්න ගොඩායි... උත්තර දැනගන්න චිත්‍රපටිය නරඹන්න.තවත් චිත්‍රපටියක උපසිරැසි සමගින් හමුවන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා. ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP හෝ DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.