Land of the Dead (2005) සිංහල උපසිරැසි සමගින්

ඊයේ පෙරේදා දුන්න Dead Rising Watchtower (2015) චිත්රපටිය බැලුවාට පස්සේ මං කාලේකට කලින් ටිකක් කරන්න ගත්ත සොම්බි චිත්රපටියක් ගැන මතක් උනා. ඉතින් මං ඒ චිත්රපටිය ඉවර කරලා ඔයාලා වෙනුවෙන් අරගෙ එන්න හිතුවා. සොම්බි ගැන කතාමාලා වගේම චිත්රපටිත් ගොඩක් නිපදවෙනවා. එවායින් හොද ගුණාත්මක මට්ටමේ කතාවක් එක්ක එන කතා ටිකක් අඩුයි. 2004 වසරේ ආපු Dawn Of The Dead චිත්රපටිය ඔබ නරඔලා ඇති නම් ඒ කාලේම වගේ තමයි මේ චිත්රපටියත් නිකුත් උනේ.. සොම්බි චිත්රපටි අතර ඉහලින්ම තියන චිත්රපටි දෙකක් තමයි මේ.ඔබ මේ චිත්රපටි දෙක කලින් බලලා තිබුනේ නැත්නම් ඇත්තටම වෙන සොම්බි චිත්රපටි බලලා ඵලකුත් නැහැ. කොහොම හරි නොබලපු අය වෙනුවෙන් උපසිරැසි ගන්වලාම චිත්රපටිය අරගෙන ආවා.
The Mentalist කතාමාලාවේ ප්රධාන චරිතයට පන පෙවු Simon Baker විසින් මෙහි ප්රධාන චරිතය නිරුපනය කරනවා.මිට අමතරව John Leguizamo,Asia Argento හා Dennis Hopper වැනි නළු නිලියන් පිරිසක්ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් සොම්බි උවදුර ඇතිවෙලා දැන් වසර තුනක් වෙනවා. නගරයේ වෙනම ආරක්ෂිත කලාපයක් තියනවා මිනිසුන්ට ජිවත් වෙන්න. පෝසත් මිනිසුන්ට වෙනම පැත්තකුත් දුප්පත් අයට වෙනම පැත්තකුත් වශයෙන්. අපි කවුරුත් දන්න විදියට සොම්බින් කියන්නේ මැරිච්ච් පිරිසක්නේ. ඉතින් මොවුන්ට කල්පනා කරලා වැඩක් කරන්න හැකියාවක් නැහැ. නමුත් පුදුම සිදුවිමක් වෙනවා. මේ සොම්බින්ට කල්පනා කරන්න හැකියාව ලැබෙනවා.මේ නිසා ඔවුනුත් මිනිසුන්ට පෙරලා පහර දෙන්න හදනවා මොකද එයාලාගේ කට්ටිය මිනිසුන් විසින් මරන නිසා.ඔවුන් කොහොම හරි මේ මිනිසුන් ඉන්න ආරක්ෂිත කලාපයට ඇතුලු වෙන්න තමයි උත්සහා කරන්නේ. කතාවේ මේ මුල විනාඩි ගාන විතරයි කිව්වේ. ඔයාලාම චිත්රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් හොද චිත්රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment