GU family Book සිංහල උපසිරැසි සමඟ.


කොහොමද ඉතින්? ඔන්න මම කාලෙක ඉඳන් දෙනවා කිය කිය හිටපු සබ් එකක් ගෙනාවා. සබ් පරක්කු වෙන්න නම් හේතු කීපයක්ම තිබුනා. දැන් ‍කොහොමහරි සබ් එක තියෙනවනේ. දැන් ටිකක් කතාව ගැන බලලා ඉමු නේද?

මේ කතාව කොටස් 24කින් සමන්විතයි. කලින් මම ඔයාලට දුන්නු කතා සියල්ලටම වඩා වෙනස් කතාවක් තමයි මේ තියෙන්නෙ. ඒ වගේමයි මම උපසිරැසි කරපු පළවෙනි ජෝසෙන් කතාව ( ඒ කිව්වෙ පරණ කාලෙ කතාව). ඒ නිසා මම පුළුවන් තරම් පරණ කාලෙ භාෂාව තමයි පාවිච්චි කරන්න උත්සාහ කළේ. මගේ උත්සාහය සාර්ථකද කියලා නම් මම දන්නෙ නෑ. ඒක ඔයාලටම බලාගන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 400කට කලින් ජෝසෙන් කාලෙ ඉන්න මායා සත්වයෙකුටයි මනුෂ්‍ය ගැහැනියකටයි දාව දරුවෙක් ලැබී‍මෙන්. මායා සත්වයෙක් කිව්වට මනුෂ්‍යයෙක් වගේම තමයි. හැබැයි එයාලට බලයන් කීපයක් තියෙනවා. තමන්ගෙ ලෙයින් මනුෂ්‍යයො සුව කරන්න, අහසෙ පියාඹන්න, අසාමාන්‍ය ශක්තිය, සොබා දහම පාලනය කිරීම ( හුළං ඇති කරන්න, ගස් කොළ වවන්න, අතින්, සත්තු ආකර්ශනය කරගන්න) , ඊටත් වඩා අපිට හොඳම කියලා හිතෙන ඒත් එයාට හරි නොගිය දේ, අමරණීයත්වය. මේ මායා සත්වයාට හම්බවෙන මේ ගැහැනිය නිසා එයා මනුෂ්‍යයෙක් වෙන්න උත්සාහ කරනවා. ඒකට එයා හොයන දේ තමයි ගු පවුලේ පොත. මේ කතාවෙ තේමාව තමයි මේ පොත. කතාවෙ තියෙන්නෙ මේ මායා සත්වයාගෙ පුතා තමන්ගෙ ආදරය වෙන‍ුවෙන් ගු පවුලේ පොත හොයාගෙන යන කතාව. මේක ආදරය, සටන්, විහිළු හැම පැත්තක්ම අඩුවක් නැතුව බලන්න ලැබෙන කතාවක්. එහෙනම් මේ කතාව බලලා ඉන්නකෝ. ඊළඟට මම ඔයාලට හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක් අරන් එන්නම්. තව අළුත් උපසිරැසියකින් හමුවෙමු.

(ටොරන්ට් තුනක් දිලා තියෙනවා මේ කතාමාලාවම තියෙන. ඔයාලා කැමැති සයිට් එකකින් අරගන්න)


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

No comments

Powered by Blogger.