මේ සියල්ල මායාවක් Idhu Enna Maayam (2015) සිංහල උපසිරැසි සමඟ



''හිදිවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්'' ඔය සිංදුව ඔබ අහලා ඇති නේ. ඔය සිංදුවේ කියන දේ වගේම අපේ ගොඩක් අය කියන කතාවක් තමයි අපේ ඉරනම්කාරයා හෝ ඉරනම්කාරිය එනකම් අපිට බලන් ඉන්නට වෙනවා කියලා. ඒ අපි වෙනුවෙන්ම මැවුන කෙනාව අහම්බෙන් වගේ නෙතුගැටිලා ඒ මොහොතේ ඉදන් දෙන්නාට දෙන්නා ආදරය කරන්න ගන්නවා කියන එකත් බොහෝ දෙනා විස්වාස කරනවා. එත් මෙහෙම ඇත්තටම වෙනවාද? අපිට ලැබෙන ආදරය නේද රැක ගන්න ඕන කියලා සමහර විට හැමෝටම හිතෙන්න පුලුවන්. ඒ වගේම දෙන්නාට දෙන්නා ආදරය කරනවා නම් මොන දේ උනත් කවුරු කොපමණ නපුරු උනත් වෙනස් උනත් අනික් කෙනාට ඒ සේරම දැනෙන්න ගන්නවා.... ආදරය කියන දේ එහෙමයි.... එතකොට එන්නේ කවුරුන් හෝ එක්කෙනෙක් අනිකා ගැන තේරුම් ගැනිමයි...එවැනි ආදරයක් ගැන කතා කරන චිත්‍ර‍පටියක් තමයි මේ...

මෙය Deiva Thirumagal,Thalaivaa වැනි ජනප්‍රිය චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කල A. L. Vijay ගේ නිර්මාණයක්. මෙහි අපි කවුරුත් හොදින්ම දන්න Vikram Prabhu විසින් ප්‍ර‍ධාන චරිතය නිරුපනය කරනවා. මට අමතරව දමිළ සිනමාවට අලුතින්ම පය තබන Keerthy Suresh මෙහි ප්‍ර‍ධාන නිළියගේ චරිතය නිරුපණය කරනවා.... මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් චිත්‍ර‍පටියටම කරන අසාධාරණයක්. මුළු චිත්‍ර‍පටියම ලස්සන හීනයක් වගේ ගලාගෙන යනවා. අවසාන පැය ඇතුලත තියෙන ගිත වලින් එය තවත් ලස්සන කරලා තියනවා. ඒ ගීත සියල්ලටමත් උපසිරැසි ගැන්වුවා. චිත්‍ර‍පටියේ පසුබිම් සංගිතයත් ඒ සේරමටම මනාවටම ගැලපෙනවා. දමිළ චිත්‍ර‍පටි හෝ ආදරය ගැන කියවෙන චිත්‍ර‍පටි බලන කෙනෙක් නම් මේ චිත්‍ර‍පටිය මඟහැර ගන්න එපා. අරගෙනම බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.