Trisha Illana Nayanthara (2015) සිංහල උපසිරැසි සමගින්

ඔන්න එහෙනම් තවත් පට්ටම ෆිල්ම් එකකට සබ් එකක් තමයි අරගෙන ආවේ. ඔයාලා බලලා ඇති නේ Kappal (2014) චිත්‍රපටිය. ඒ වගේම විනෝදයෙන් බලන් පුලුවන් ෆිල්ම් එකක් තමයි මේකත්.මම මේ චිත්‍රපටිය තොරගන්න උන හේතුව ඉතින් අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ.

අපි චිත්‍රපටිවල දැකලා තියනවා නේ කොල්ලා කෙල්ල හම්බවෙනවා තරහා වෙනවා යාළුවෙනවා මොනා නැතත් අන්තිමට එකතු වෙනවා වගේ කතන්දර මේක නම් එහෙම එකක් නෙමෙයි කියලා බය නැතුව කියන්න පුලුවන්. දන්නවා නේ ගැණු ළමයෙක් එක්ක යාළු උනාම විදින්න වෙන කරදර. කියන්නේ එකක් කරන්නේ එකක්. යනවා කිව්වොත් එනවා..එනවා කිව්වොත් යනවා..හම්බවෙන්න ආවත් වැරැදියි..හම්බවෙන් න නාවත් වැරැදියි...කිස් එකක් දුන්නාත් වැරැදියි...කිස් එකක් නොදුන්නාත් වැරැදියි. මොනා හරි කලොත් අපෝ මේක විතරයි නේද ඕන අහනවා...එහෙම මුකුත් නොකර හිටියොත් දැන් මාව එපා වෙලා නේද මුකුත්ම කරන්නේ නැත්ද අහනවා. ඔය වගේ එවා ඉතින් ගැණු ළමයෙක් අවුරුදු කිහිපයක් ආශ්‍රය කරපු අයට අමුතු දේවල් නෙමෙයි. මේ දේවල් අවසානයේ අන්තිමට එයාලාම හේතුවක් හදාගෙන කොල්ලාව දාලාත් යනවා. ඔය වගේ කතාවක් තමයි මේක ඒක නිසා අනිවා අරන් බලන්න. හරිම විනෝදයෙන් තමයි මම මේකේ සබ් එකත් දැම්මේ...
කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ ජිවා රම්‍යා හා අදිති මේ තුන්දෙනාම පොඩි කාලේ ඉදන්ම එකටමයි හැදෙන්නේ. තුන්දෙනාගේම ගෙවල් එක ලඟ තියෙන්නේ. තුන්දෙනාම එකම වයසේ. ජිවාට රම්‍යාත් කැමැතියි අදිතිත් කැමැතියි. හැබැයි ජිවා වැඩියෙන්ම කැමැති රම්‍යාට. කොහොම හරි මේ අය තරුණ වියට ආවම අදිතිට මාස කිහිපයකට බැංග්ලොර් යන්න වෙනවා. දැන් ඉන්නේ ජිවායි රම්‍යායි විතරයි. මේ දෙන්නා ගේ පොඩි කාලේ ඉදන් තිබ්බ යාළුකම ආදරයකට පෙරලෙනවා. කොච්චර ලව් එකක් තියනවාද කියන්නේ දෙන්නාට දෙන්නා ඉවසගන්න බැරුව මුලික අදියර පාස් කරනවා (මුලික අදියර මොකක්ද කියලා විස්තර කරන්න බෑ ඔිං.) ඉතින් ඔය මුලික අදියර නිසා ජිවාගේ බෙල්ලේ අතේ එහෙම දත් පාරවල් නියපොතු පාරවල් එහෙම හිටිනවා.ජිවාට ඉස්කොලේ ඉන්නවා අතිජාත මිත්‍රයෙක්. ඔහු දකිනවා බෙල්ල හුරලා තියනවා. ජිවාගේ ඇහුවාම පුසෙක් හිරුවා කිව්වාට යාළුවාගේ කරදරේ නිසාම ජිවා කියලා දානවා රම්‍යායි එයයි අතර පොඩ් මෙව්වා එකක් උනා කියලා. යාළුවා කොච්චර හොදද කියන්නේ මේක පත්තරේ දැම්මා වගේ ඉස්කොලේ තැනින් තැන කියව කියව යනවා වගේම ටොයිලට් එකේ පවා එක එක එවා ලියනවා. මේ නිසාම රම්‍යාගෙයි ජිවාගේ ලව් එක කැඩිලා යනවා. රම්‍යා එක්ක තරහා වෙන දවසේම අදිති ආපහු චෙන්නායි වලට එනවා. එක්කෙනෙක් නැත්නම් අනික් කෙනා කියලා ජිවා අදිතිට ලව් කරන්න ගන්නවා...ඔතනින් පස්සේ තමයි ෆිල්ම් එක හරියටම පටන් ගන්නේ... ෆිල්ම් එකේ අන්තිමට දෙමළ ෆිල්ම් වල ඉන්න සුපිරි නළුවෙක් ඇවිල්ලා කතාවම කනපිට ගහලා යනවා. එහෙම කරපු නිසා ඒ කනපිට ගහපු එක හරිගස්සන්න කෙනෙක් එනවා. ඒකට රඟපාන්තේ දැනට දමිළ සිනමාවේ ජනප්‍රියතම නවක නිලියක්. ඉතින් එතකොට අන්තිමත් කොහොමද කියලා හිතාගන්න පුලුවන් නේ. කලින් කිව්වා වගේම ෆිල්ම් එක නම් අනිවාර්යෙන් බලන ගොන්නට දාගන්න.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි
විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන HDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment