සුපිරි ආදර අන්දරය The Best of Me (2014) සිංහල උපසිරැසි සමඟ.



ඉංග්‍රිසි චිත්‍රපටිවලට උපසිරැසි ගන්වන්න නම් මම වැඩි කැමැත්තක් නැහැ නේ. හැබැයි හිතට වදින එකක් ලැබුනොත් නම් මම අනිවාර්යෙන් උපසිරැසි ගන්වලා දෙනවා...එහෙම කිපයක්ම දුන්නා මතකත් ඇතිනේ...අදත් අරන් ආවේ ඒ වගේ චිත්‍රපටියක්...මේ චිත්‍රපටියේ ටිකක් මටත් හිතට දැනුන නිසා කරලා දෙන්න හිතුවා...මේ චිත්‍රපටිය අපි කවුරුත් බලලා තියන Safe Haven (2013),The Notebook (2004) නිර්මාණය කරපු අයගේම නිර්මාණයක්.

චිත්‍රපටිය ගැන කියනවා නම්...චිත්‍රපටියේ ඇමැන්ඩා හා ඩෝසන්ගේ කාල දෙකක් ගැන පෙන්වනවා ඒ තරුණ කාලය වගේම එයාලා ගේ දැන් වයස කාලය (මැදි වයස) ගැනත්..මේ දෙන්නාගේ තරුණ කාලේ චරිත නිරුපණය කරන්නේ Luke Bracey හා Liana Liberato ඇයව නම් ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇති..ඒ වගේම දැන් චිත්‍රපටියේ වර්තමාන කාලයේ ඒ චරිත කරන්නේ Michelle Monaghan හා James Marsden විසිනි.... කතාව ගැන කියනවා නම් ඇමැන්ඩා හා ඩෝසන් පාසල් යන කාලේදිම පෙම්වතුන් වෙනවා... ඔවුන් දෙදෙනා ගොඩක් ආදරයෙන් කාලය ගත කරනවා... ඩොසන් වැඩි දුර ඉගෙනගන්න අදහස් කරගෙන හිටියේ නැතත් ඇමැන්ඩා ඔහුට බලකරලාම ඔහුට ඒ දේවල් ගැන දිරිමත් කරනවා... ඇමැන්ඩා කියන්නේ සල්ලිකාර පවුලක දුවෙක්...ඩෝසන් එහෙම කෙනෙක් නෙමෙයි ඔහුගේ තාත්තා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක්...ඒ වගේම ඩෝසන් තාත්තාගෙන් වෙන් වෙලා ටක් නැමැති ඒ පලාතේ ජිවත් වෙන කෙනෙක් ගේ ගෙදර ඉන්නේ... ටක් ඇමැන්ඩා හා ඩෝසන්ට ගොඩක් උදව් එහෙමත් කරනවා..කොහොම හරි ඩෝසන් ගේ අතින් සිදුවෙන වැරැදිමක් නිසා ඇමැන්ඩා හා ඩෝසන් වෙන් වෙනවා....මේ දෙන්නා අවුරුදු ගානකටම එකිනෙකාව දකින්නේ නෑ...මෙහෙම වසර 21ක් ගෙවිලා යනවා..ඩෝසන්ට ආරංචියක් ලැබෙනවා තමන් ජිවත් උන ගමේ තමන්ට තරුණ කාලේ උදව් කරපු ටක් කියන කෙනා මැරුනා කියලා..ඉතින් ඩෝසන් එයාගේ අවමංගල්‍යට යනවා...මේ කාරණාවම ඇමැන්ඩාටත් දැනගන්න ලැබෙනවා ටක් නැතිවෙලා කියලා...ඇමැන්ඩාත් මේ අවමංගල්‍යට සහාභාගිවෙන්න ඇය කලින් හිටපු ගමට එනවා...ඒ අවා ගමන් තමයි අහම්බෙන් වගේ නැවතත් ඩොසන් හා ඇමැන්ඩා මුණ ගැහෙන්නේ...ඇමැන්ඩා ඩෝසන් එක්ක ගොඩක් තරහින් ඉන්නේ (ඒ සිදුවිම චිත්‍රපටිය බලලා දැනගන්න තරමටම හොදයි) කොහොම හරි ඩෝසන්ට ඇමැන්ඩාව දැකපු ගමන් අතිත සිදුවිම් සියල්ලම මතක් වෙනවා...ඩෝසන් කවදාවත් කසාද බැන්දේ නෑ..ඔහු තාමත් ඇමැන්ඩාට ආදරයෙි...නමුත් ඇමැන්ඩා දැන්ට විවාහ වෙලා ඉන්නේ ඒ වගේම දැන් ලොකු දරුවෙකුත් ඉන්න අම්මා කෙනෙක්. නමුත් ඇමැන්ඩාගේ හිතෙත් ඩෝසන් ගැන තාමත් ආදරයක් හිතේ තියනවා...මේ දෙන්නාගේ මේ ආදර කතාව තමයි ඔයාලට බලන්න වෙන්නේ... චිත්‍රපටිය ගොඩක් කියලා නෑ ඒක නිසා රසවින්දනයට හානියක් වෙන්නේ නෑ..කොහොමත් ඇමැන්ඩායි ඩෝසනුයි ඇයි වෙන් උනේ? ඇයි ඇමැන්ඩා ඩෝසන් එක්ක මේ තරම් තරහා...ඇයි ඇය කසාද බැන්දේ ඩෝසන්ව අමතක කරලා? මේ දේවල් ගැන දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටියේ සංවේදි අවසානයකුත් තියනවා....ගැහැණු ළමයෙක් බලනවා නම් සමහර විට එය ඇසට කඳුලක් නංවන්න හරි සමත් වෙන්න පුලුවන්.... ඒ වගේම මේ චිත්‍රපටියේ එක දෙබසක් තියනවා... එතැනින් තමයි කතාව වෙනස් වෙන්නේ...අවුරුදු 21කට පස්සේ හම්බවුන ඩෝසන් ඇමැන්ඩා තමන් එක්ක තරහින් හිටියාත් එයා ආදරය කරපු තරම තමන් තාමත් ඇයට ආදරය කරන විදිය කියනවා... එතකොට ඇමැන්ඩා ඩෝසන් ගෙන් මෙන්න මෙහෙම අහනවා.. ''ඔයා කියන්නේ හැමදේම අමතක කරලා ආපහු මට ඔයාට ආදරය කරන්න පටන් ගන්න කියලාද? එත් ඒක කරන්න බැරි වේවි...මොකද මම ඔයාට ආදරය කරන එක තාමත් නතර කරලා නැත්නම් අලුතින් පටන් ගන්නේ කොහොමද?''

චිත්‍රපටිය ගැන දැනුමට කිපයකුත් තියනවා...මේ චිත්‍රපටියේ තරුණ ඇමැන්ඩා හා මැදිවියේ චරිත කරන ඇමැන්ඩා මුළු චිත්‍රපටියේ පුරාම පිටිපස්ස නිරාවණය කරපු ඇදුම් මයි ඇදගෙන ඉන්නේ අවසන් ජවනිකාවේ දර්ශනය හැරුනු කොට...ඒ වගේම මේ චිත්‍රපටියේ මැදිවියේ චරිත ඉදිරිපත් කරන ඩෝසන් ගේ චරිතයට මුලින් පොල් වෝකර් තමයි ඉන්න හදලා තියෙන්නේ නමුත් ඔහුගේ අභාවය නිසා තමයි වෙනත් නළුවෙක්ට මෙහි අවස්ථාව ලැබිලා තියෙන්නේ.ඒ නිසාම තරුණ ඩෝසන්ගේ හා මැදිවියේ චරිත නිරුපණය කරන ඩෝසන්ගේ ඇස්වල පැහැයේ වෙනස් කමක් තියනවා... ඒ වගේම මේක තමයි එකම මාතෘකාවක් යටතේ Nicholas Sparks රචනා කල 9වැනි ග්‍රන්ථය.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.