Vasuvum Saravananum Onna Padichavanga (2015) සිංහල උපසිරැසි සමගින්



තව චිත්‍ර‍පටියක් අරගෙන ආවා. මේකත් අලුත්ම චිත්‍ර‍පටියක්. ගොඩක් ජනප්‍රිය නළු නිලියන් කිහිප දෙනෙක් තමයි මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙන්නේ. හැමෝම ඔයාලා දන්න අදුනන වගේම කැමැති අය තමයි. Arya,Tamannaa,Santhanam මේ තිදෙනා තමයි ප්‍ර‍ධාන චරිත වලට අඩුවැඩි වශයෙන් දායක වෙන්නේ Boss Engira Bhaskaran හා All in All Azhagu Raja චිත්‍ර‍පටි නිපදවපු M. Rajesh අධ්‍යක්ෂණයක් තමයි මේ චිත්‍ර‍පටියත්. මේ කතාවේ නමට තේරුම් දෙකක් තියනවා. හරියට බැලුවොත් නම එන්නේ වාසු සරවනන් පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්තේ එකට වගේ තේරුමක්. නමුත් මේ නම් කෙටි කලාම VSOP කියන්නේ මත්පැන් පානයක නමක්.

කතාවේ කියවෙන්නේ හොදම යාළුවෝ දෙන්නෙක් අතරට ගැණු ළමයෙක් ආවාම මොකද වෙන්නේ කියලා තමයි. වාසු හා සරවනන් කියන්නේ අතිජාත මිත්‍රයෝ. වාසු කසාද බදිනවා නමුත් වාසුගේ කසාද බැදපු කෙනාට වාසුව එපා වෙන්නේ සරවනන් නිසා. හොදම යාළුවා උනත් නිතරම වද දෙද්දි වාසු බැදපු බිරිදට එපාම වෙලා යනවා. ඇය වාසුට කියනවා ඇය පවුල් කන්නේ සරවනන් එක්ක වාසු තරහා උනාට පස්සේ කියලා. වාසුට මේක කරන්න බැහැ කොහොමද පොඩි කාලේ ඉදලා හිටිය යාළුවාව තරහා කරගන්නේ.එත් වාසුට දැන් බිරිද නැතුවත් ඉන්න බැහැ. ඒ වෙලාවේ තමයි වාසුගේ යාළුවෙක් වාසුට මසුරං අදහසක් දෙන්නේ. ඔහු කියනවා සරවනන්ටත් ගැණු ළමයෙක් සෙට් කරලා දෙන්න කියලා.එහෙම කරන එක නම් සෙල්ලම් නැහැ. සරවනන්ගේ හිතේ ඉන්නේ නයනතාරා වගේ ලස්සන කෙල්ලෙක්. ඉතින් ඔහුට ගැණු ළමයි හොයන එක ලේසි නැහැ. මේ අස්සේ තමයි ඔහුට අයිශ්වර්යාව හම්බවෙන්නේ. එතැනින් පස්සේ කතාවට මොනා වේවිද කියලා අරන් බලන්නකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.