Guddu Ki Gun (2016) සිංහල උපසිරැසි සමඟින්


පහුගිය සතියේ නිකුත් වුන තවත් ලස්සන කොමඩි ෆිල්ම් එකක් අරන් තමයි ආවේ. මේකත් ඉතින් වැඩිහිටියන්ට වඩාත් සුදුසු වුන චිත්‍ර‍පටියක්. දැන් ඉන්දියාවේ කොමඩි වලින් බාගයක් විතරම නිර්මාණය වෙන්නේ දෙපැත්ත කැපෙන වචන එක්ක එන්න වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන චිත්‍ර‍පටිනේ. මේකත් ලාවට ඒ වගේ එකක් තමයි.... Kunal Kemmu මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන අතර Aparna Sharma හා Payel Sarkar වැනි බෙංගාලි චිත්‍ර‍පටිවල රඟපාපු නිලියන් දෙදෙනෙක් තමයි මෙහි ප්‍ර‍ධාන නිලියන්ගේ චරිත වලට පණපොවන්නේ

කතාව ගැන කිව්වොත් ගුඩ්ඩු කියන්නේ අංක එකේ සල්ලාලයෙක්. කෙල්ලෙක්ව දාගන්නවා කියන එක ගුඩ්ඩුට කජු කනවා වගේ වැඩක්. ගුඩ්ඩු කරන්නේ ගෙවල් වලට ගිහිල්ලා වොෂින් පවුඩර් විකුණන එක. එත් මෙහෙම යන ගුඩ්ඩු ගෙදර තනි පංගලමේ කෙල්ලෙක්...නැත්නම් ඇහැට කනට පේන ආන්ට් කෙනෙක් හිටියොත් එහෙම ගුඩ්ඩු එයාගේ වචන වලින් ඒ කෙනාව අල්ලගෙන තමන්ගේ වැඩේ ගානට කරගන්න දන්නවා. ඒ විතරක් නෙමෙයි ගුඩ්ඩුට හැම තැනම පෙම්වතියෝ. දිනක් ගුඩ්ඩුට පණ වගේ ආදරය කරන කෙල්ලෙක් ගුඩ්ඩුගේ හැබැ ස්වර්පය දැනගන්නවා. දැනගෙන ඇය බොහෝම දුකෙන් ඉද්දි ඒ ගැණු ළමයා ගේ සියා එයාගෙන් වුන දේ අහනවා. මේ සියා මන්තරගුරුකම් එහෙම හොදට දන්න කෙනෙක්. ඔහු කරන ශාපයක් නිසා ගුඩ්ඩුට ආපහු කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙන්න බැරි වෙන්නම ගුඩ්ඩුගේ මේව්වා එක රත්තරං එකක් වෙනවා. ගුඩ්ඩු දැනගන්නවා තමන් කරපු වැඩේට කවුරු හරි සාපයක් කරපු නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තේ කියලා ගුඩ්ඩු එයා ආශ්‍ර‍ය කරපු හැම කෙනාම හොයාගෙන යනවා කවුද මේක කලේ බලන්න. ගුඩ්ඩුට අන්තිමේදි ඒක කරපු කෙනාව හම්බවෙනවා. ඇය තමයි බොලී. ගුඩ්ඩු වැදලා ඉල්ලනවා එයා හොද කෙනෙක් වෙනවා මේ සාපය අහක් කරලා දෙන්න කියලා. නමුත් බොලී ගේ සියා කියනවා මේ ශාපය අයින් වෙන්නේ අවංක ආදරයක් ලැබුනොත් තමයි කියලා. දැන් ඉතන් හොයපංකෝ අවංක ආදරයක්. අද කාලේ ඉතින් කෙල්ලන් ගෙන් මොන වගේ අවංක ආදරයක් ලබන්නද???? කොහොම හරි මේ ගුඩ්ඩු ගේ රත්තරං භාණ්ඩේ ගැන පත්තරවාර්තා කාරයෙක්ටත් ආරංචිය යනවා මිනිහාත් ගුඩ්ඩු පස්සේ පන්වනවා මේක ටිවි පත්තර වල දාන්න. ඒ විතරක් නෙමෙයි ඒ පලාතේ ලොකුම මැරයාත් මේ ගුඩ්ඩුගේ රත්තරං එක පස්සේ පන්වන්න ගන්නවා. මොනා උනත් රත්තරං නේ. මෙතැනින් එහාට වෙන සිදුවිම නම් ෆිල්ම් එක බලලාම දැනගන්න... ගුඩ්ඩුට අවංක ආදරයක් ලැබිලා මෙව්වා එක මේවවා වෙලා යාවිද නැත්නම් හැමදාම රත්තරං එකක් තියාගෙන ඉන්න වේවිද? අර මැරයෝ ටික ගුඩ්ඩුට මොන වගේ දෙයක් කරාවිද? ඒ ටික ෆිල්ම් එක බාලාම බලන්න. මං ගියා ඕං... පුංචි සැකයක් හරි තියේ නම් ට්‍රේලර් එකක බලලා ඉන්නකෝ.

*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.



No comments

Powered by Blogger.